2026-02-12
mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

එළවළු මිල පාලනයට ‘Frozen’ ආනයනය: ආධාර බෙදාහැරීම විධිමත් කිරීමට නව ගැසට් පත්‍රය ක්‍රියාත්මකයි

ආපදා තත්ත්වය හේතුවෙන් ඇති වූ ආහාර හිඟය සහ අසමතුලිත මිල ගණන් පාලනය කිරීමට රජය නව ක්‍රියාමාර්ග ගෙන ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා දැනුම් දෙයි.

කඩිනම් විසඳුම්:

  • ආහාර හිඟයට විසඳුම්: කෘෂිකර්ම ප්‍රමිතීන්ට අනුකූලව ශීත කළ එළවළු (Frozen Vegetables) ආනයනයට රජය අවසර ලබා දී ඇත.
  • ගෑස් සැපයුම: LP ගෑස් නිසි බෙදාහැරීම සහතික කිරීම සඳහා ලිට්රෝ ගෑස් සමාගම සමඟ විශේෂ සාකච්ඡා පවත්වයි.

ආධාර බෙදාහැරීමේ විධිමත්භාවය:

  • පරිත්‍යාගශීලීන්ගේ ආධාර සැබෑ අවශ්‍යතා ඇති ස්ථානවලට පමණක් ලැබීම සහතික කිරීම සඳහා, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අවශ්‍යතා ලැයිස්තු මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කෙරේ.
  • විදේශයන්ගෙන් ලැබෙන ආධාර සඳහා සියලු රේගු බදු සහන ලබා දී ඇති අතර, ඒවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නමින් භාරගැනේ.

මෙම නව විධිමත් කිරීම මගින් අනවශ්‍ය භාණ්ඩ ලැබීම වළක්වා, ආපදාවට පත් ජනතාවට ඵලදායී සහන සැලසීමට රජය අපේක්ෂා කරයි.

Related posts

නැගෙනහිර පර්යන්තය නිසා ඉන්දියාව සමග රාජතාන්ත්‍රික ගැටලුවක් ඇතිවුයේ නැහැ : අමාත්‍ය වාසුදේව නානායක්කාර කියයි

Shiran Viraj

රවිගේ යෝජනාවට රවිම විරුද්ද වෙයි..

Shiran Viraj

නිරෝධායන රාජකාරියට ගිය PHIට මන්ත‍්‍රීගෙන් තර්ජන..

Shiran Viraj
Translate »