24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
Local NewsNews

අම්බලන්ගොඩ සිංගර් ප්‍රදර්ශනාගාරයේ වෙඩි තැබීමකින් කළමනාකරු ජීවිතක්ෂයට

අද පෙරවරුවේ අම්බලන්ගොඩ ගාලු පාරේ පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරය තුළ සිදු වූ වෙඩි තැබීමකින් එහි කළමනාකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි. ඔහු ආයතනයේ සේවය සඳහා පැමිණ සිටි අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබේ.

මියගොස් ඇති පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් අම්බලන්ගොඩ නගර සභාව සඳහා තරඟ කළ කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කර ඇත. වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අම්බලන්ගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වැසෙයි

Shiran Viraj

අගමැති හරිනි අමරසූරිය හිටපු ජනපති රනිල් හමුවූ බවට පළ වූ වාර්තා අසත්‍යයි

Shiran Viraj

භූගත ජලය ලබාගැනීම නියාමනයට පියවර

Shiran Viraj
Translate »