2026-01-12
mediahumanrights.lk
Local NewsNews

අඩු වැටුප් නිසා විගණන කාර්යාලයට නිලධාරීන් හිඟයක්

අඩු වැටුප් තල හේතුවෙන් සුදුසුකම් ලත් නිලධාරීන් බඳවා ගැනීමට සහ රඳවා ගැනීමට ජාතික විගණන කාර්යාලය දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇති බව මහජන මුදල් පිළිබඳ කාරක සභාවට (CoPF) දැනුම් දී තිබේ.

අධිලේඛනගත ගණකාධිකාරීවරුන් (Chartered Accountant) 35 දෙනෙකු පමණක් දැනට ජාතික විගණන කාර්යාලයේ සේවය කරන බවත්, අඩු වැටුප් මට්ටම හේතුවෙන් නව නිලධාරීන් ආකර්ෂණය කර ගැනීමට හෝ දැනට සේවය කරන අය රඳවා ගැනීමට නොහැකි වී ඇති බවත්, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇත.

මෙම කරුණු අනාවරණය වූයේ 2026 වසර සඳහා ජාතික විගණන කාර්යාලයේ අයවැය ඇස්තමේන්තු සලකා බැලීමේදීය.

මෙහිදී, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විදේශ ව්‍යාපෘති සහ රාජ්‍ය ව්‍යවසාය ඇතුළු ආයතන 2,000කට ආසන්න සංඛ්‍යාවක් විගණනය කරන ජාතික විගණන කාර්යාලයේ පවතින ගැටලු පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

නවීන තාක්ෂණය, විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණික අංග භාවිතා කිරීමෙන් අවම කාර්ය මණ්ඩලයක් සමඟ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

Related posts

රටම බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපති මැතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිවෙයි

Shiran Viraj

රට වහනවා නම් අඩු ආදායම් ආහාර මල්ලක් ලබාදිය යුතුයි…

Shiran Viraj

දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ..

Shiran Viraj
Translate »