mediahumanrights.lk
Local NewsNewsPolitical

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවසන් කිරීමට කැබිනට් අනුමැතිය – නව පනත් කෙටුම්පත ගැසට්ටුවට

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන්ට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

මෙය සිදු වන්නේ 1986 අංක 4 ලෙස හඳුන්වනු ලැබූ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් පිළිබඳ පනත” අවලංගු කිරීමේ අරමුණින්ය. 2025 ජූනි 16 වන දින පැවති කැබිනට් රැස්වීමේදී, මෙම පනත ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අනුමැතිය හිමිවිය.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් “ජනාධිපති හිමිකම් (අහෝසි කිරීමේ)” නව පනත් කෙටුම්පත සකස් කර ඇති අතර, එයට නීතිපතිවරයාගේ නිල අනුමැතිය ද ලබාගෙන ඇත.

දැනට, මෙම කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට යොමු කර ඇති අතර, එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. එම යෝජනාව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අතර, කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් අනුමැතිය ලබා දී ඇත.

Related posts

කොරෝනා බිළිගත් හත්වන මරණයේ අවසන් කටයුතු සිදු කරයි

Shiran Viraj

බැසිල් මාස 6ක් හිරේ දමන්න සාකච්චා.. හඬපටයක් සමාජ ජාලා හොල්ලයි..

Shiran Viraj

මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයේ හත්වෙනියාත් අත්අඩංගුවට

Shiran Viraj
Translate »