2025-12-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

සමහර විෂයන් ජීවිතය එක්ක සම්බන්ධ නෑ.. ඒවා ඉගෙන ගත්තෙ මොකටද කියලා හිතෙනවා..- නි. ඇමති

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ, පාසලේදී ඉගෙන ගන්නා ඇතැම් විෂයන් සැබෑ ජීවිතය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

එම විෂයන් හැදෑරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි තමාට විටෙක සිතෙන බව ද ඒ මහතා සඳහන් කරයි.

එබැවින්, වර්තමානයේ පවතින වධයක් බඳු අධ්‍යාපන ක්‍රමය වෙනුවට, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයකට මාරු විය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අදහසයි.

“සමහර සබ්ජෙට් තියෙනවා ඒවා දැන් අපේ ජීවිතත් එක්ක සම්බන්ධ නෑ. ඒවා ඉගෙන ගත්තෙ මොකටද කියලා අද අපිට හිතෙනවා.

පොත් කරේ තියාගෙන ගිය, අපිට වදයක් වෙච්ච අධ්‍යාපනය වෙනුවට, සතුටෙන් ශිෂ්‍යයා කේන්ද්‍ර වෙච්ච අධ්‍යාපන ක්‍රමයකට අප හුවමාරු වෙන්න ඕන”

Related posts

මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනයට පුළුල් ජාතික මෙහෙයුමක් : විශේෂඥ කමිටුවක් ද පත් කරයි

Shiran Viraj

සිපෙට්කෝ ගමන නිමයි… තෙල් ගේන්න සල්ලි දෙන්න බැංකු බෑ කියයි..

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ වැඩ නිසා ලංකාවේ උද්දමනය ඉහලට…

Shiran Viraj
Translate »