mediahumanrights.lk
Local NewsNews

විදුලි සේවකයන් වර්ජනයේ…

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්, විදුලි වෘත්තීය සමිති අද (ජූලි 22) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තා වේ.

ඊයේ (ජූලි 21) කොළඹදී පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෘත්තීය සමිති නියෝජිතයින් කියා සිටියේ, CEB ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද දින වෘත්තීය සමිති 28ක නියෝජිතයින් විරෝධතාවක් පවත්වන බවයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළේ, බදු ප්‍රතිපත්ති හේතුවෙන් 2023 වසරේ සිට මේ දක්වා විදුලි, යාන්ත්‍රික හා සිවිල් ඉංජිනේරුවන් 300කට අධික ප්‍රමාණයක් විදේශගත වී ඇති බවයි.

මෙම තත්ත්වය විදුලිබල මණ්ඩලයේ මානව සම්පත් අර්බුදයක් ඇති කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

තලේබාන්ලා ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලති.. ජනපති පලා යයි.. ශ‍්‍රි ලංකා රජයෙන් නිවේදනයක්..

Shiran Viraj

කුරුණෑගල දුම්රිය රක්ෂිත ඉඩම දේශපාලන හිතවතෙකු අල්ලාගෙන

Shiran Viraj

සේවක කප්පාදුවක්… පලාත් සභාවලින් 25%ක්.. ඇතැම් ආයතනවලින් 80%ක්..

Shiran Viraj
Translate »