2026-01-19
mediahumanrights.lk
Local NewsNews

බෙලිගල්ලේ පාසල් බස් අනතුරකින් සිසුන් 16කට තුවාල

බෙලිඅත්ත – වීරකැටිය ප්‍රධාන මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ පාසල් බස් අනතුරකින් සිසුන් 16 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර සිදුව ඇත්තේ පාසල් සිසුන් රැගෙන ගමන් කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බැම්මක ගැටීමෙනි.

තුවාල ලැබූ සියලුම සිසුන් වහාම බෙලිගල්ල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඉන් ඇතැම් සිසුන් මූලික ප්‍රතිකාර වලින් පසු නිවෙස් වෙත පිටව ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, අනතුරින් තුවාල ලැබූ සිසුන් 13 දෙනෙකු පමණ මේ වන විටත් බෙලිඅත්ත, බෙලිගල්ල, තංගල්ල සහ වීරකැටිය රෝහල් ඇතුළු රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

කොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග පින්තූරයක්..

Shiran Viraj

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසයි – හිටපු ආරක්ෂක ලේකම්

Shiran Viraj

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජලයෙන් යට වී ඇති ස්ථාන පිළිබඳව දැනුම් දෙයි

Shiran Viraj
Translate »