26.5 C
Colombo
2025-07-25
mediahumanrights.lk
International NewsNews

ගුවනේදී ගැටුමක්: KL-චෙංඩු එයාර් ඒෂියා ගුවන් යානයකදී ශබ්ද ආරවුලක් දුරදිග යයි

ක්වාලාලම්පූර් සිට චෙංඩු බලා පියාසර කරමින් තිබූ එයාර් ඒෂියා ගුවන් යානයකදී කාන්තාවන් පිරිසක් විසින් ශබ්ද කිරීම නැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මැද අහසේදී දබරයක් හටගෙන තිබේ. ගුවන් යානයේ ආලෝකය අඳුරු කර තිබූ අවස්ථාවේදී මෙම සිදුවීම වාර්තා වේ.

සඳුදා සවස 6.11ට ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව චෙංඩු ටියැන්ෆු ජාත්‍යන්තර ගුවන් තොටුපළට රාත්‍රී 10.13ට ගොඩ බැස්ස එයාර්බස් A320 ගුවන් යානයකදී මෙම සිද්ධිය සිදුවී ඇති බව ඩේලි මේල් පුවත්පත වාර්තා කරයි.

ගැටුම ආරම්භ වී ඇත්තේ කාන්තාවන් පිටුපස අසුන්ගෙන සිටි පුද්ගලයෙකු ඔවුන්ට නිහඬව සිටින ලෙස ඉල්ලා සිටීමත් සමඟය. මෙය වාචික සංවාදයක් දක්වා දුරදිග ගොස් ඇති අතර, ඔහු ඔවුන්ට “මෝඩයන්” යැයි අමතා “කට වහගෙන ඉන්න” යැයි පැවසීමත් සමඟ තත්ත්වය උග්‍ර වී තිබේ.

ගුවන් යානය තුළදී පටිගත කරන ලද දර්ශනවල දැක්වෙන්නේ කොළ පැහැති ඇඳුමින් සැරසී බේස්බෝල් තොප්පියක් පැළඳ සිටි කාන්තාවක් අසුනට උඩින් නැමී තමාගේ ට්‍රේ මේසය පිටුපසින් ආරක්ෂා වී සිටි එම පුද්ගලයාට නැවත නැවතත් පහර දෙන ආකාරයයි.

සිද්ධිය පටිගත කළ මගියෙකු පැවසුවේ, පැය හතරක ගමන මැදදී කාන්තාවන් තම හඬ පහත් කරන ලෙස කළ ඉල්ලීම් නොසලකා හැරීමත් සමඟ මෙම ගැටුම හටගත් බවයි. එක් කාන්තාවකගේ මවද මෙම වාදයට එක්වූ බවත්, කාන්තාවන් දෙදෙනෙකු එම පුද්ගලයාට ශාරීරිකව පහර දුන් බවත්, තත්ත්වය කලින් සමනය නොකිරීම සම්බන්ධයෙන් ගුවන් යානා කාර්ය මණ්ඩලයට දොස් පැවරූ බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ගුවන් යානා කාර්ය මණ්ඩලය අවසානයේ මැදිහත් වී මගීන් සන්සුන් කළද, සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා චීන පොලිසිය ගුවන් තොටුපළේ රැඳී සිට ඇත. සිචුවාන් පළාත් මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, කිසිවෙකු අත්අඩංගුවට ගෙන ඇත්ද යන්න තවමත් පැහැදිලි නැත.

Related posts

සජිත්-ෆොන්සේකා පක්‍ෂය ඇතුලේ මාරක සටනක්..

Shiran Viraj

මා සිටියා නම් කොරෝනා දවස් තුනෙන් ඉවර කරනවා..- රාජිත කියලා..

Shiran Viraj

විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF දන්වයි..

Shiran Viraj