26.6 C
Colombo
2025-07-31
mediahumanrights.lk
Local NewsNews

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන වෙන්දේසියක් පිළිබඳව චෝදනා – ජනාධිපතිට ලංසුකරුවකුගෙන් පැමිණිල්ලක්

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති රජයේ වාහන වෙන්දේසියක් සම්බන්ධයෙන් සාධාරණත්වය පිළිබඳ ගැටලු මතු වන පරිදි චෝදනාවක් යොමු කර තිබේ.

රාජගිරියේ පදිංචි වෛද්‍ය ගාමිණී රණසිංහ මහතා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක් හරහා සඳහන් කර ඇත්තේ, 2025 ජූලි 18 වන දින පැවති වාහන වෙන්දේසියකදී තමන්ට අසාධාරණයක් සිදුවී ඇතැයි ය.

ඔහු පවසන්නේ, CAB 3452 අංකය සහිත 2014 වසරේ නිෂ්පාදිත ෆෝර්ඩ් එවරස්ට් වාහනයක් සඳහා රුපියල් මිලියන 9ක ලංසුවක් ඉදිරිපත් කළ බවයි. එම ලංසුව ඉදිරිපත් කළේ, 2025 මැයි 15 දින විකිණූ, එකම වර්ෂයේ හා වර්ගයේ CAB 3453 වාහනයකට අදාළව තක්සේරු කළ රුපියල් මිලියන 2.5ක අවම වටිනාකමක් යටතේය. එම රථය විකිණුණේ රුපියල් මිලියන 5.39ක මුදලකටය.

කෙසේ වෙතත්, CAB 3452 වාහනය ලබා දීමට වෙන්දේසි කමිටුව තීරණය කර නොමැති අතර, දක්වා ඇත්තේ එහි රජයේ තක්සේරු වටිනාකම රුපියල් මිලියන 9ට වඩා වැඩි බවයි.

වෛද්‍ය රණසිංහ මහතා අවධාරණය කරන්නේ, මාස දෙකක තුළ එකම වර්ෂයේ හා වර්ගයේ වාහන දෙකකට මේ තරම් විෂම තක්සේරු වටිනාකමක් තිබීම පිළිබඳව දැඩි සැකයක් ඇති බවයි. රුපියල් මිලියන 6.5ක පරතරයක් සටහන් වෙයි.

ඔහු ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේදී කියා සිටී:

“මම දැන් CAB 3452 වාහනය ලබා ගැනීමට කැමති නැහැ. නමුත්, ඔබගේ රජය යටතේ මෙවැනි අසාධාරණ ක්‍රියාවලියක් සිදුවීම මට දැඩි අප්‍රසාදයකි.”

ඉහත සිදුවීම පිළිබඳව වහාම නිවැරදි හා සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමටද වෛද්‍යවරයා ඉල්ලීමක් කර ඇත. මෙම චෝදනා මගින් රාජ්‍ය වාහන වෙන්දේසි ක්‍රියාවලියෙහි විනිවිදභාවය පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙයි.

Related posts

එංගලන්තය-කොදෙව්වන් හෙට තරග බිමට

Shiran Viraj

පාකිස්තානයට වසර 08කට පසු ඊයේ රාත‍්‍රියේ යළි ක‍්‍රිකට් වසන්තයක්

Shiran Viraj

කුලියාපිටිය තරුණයා ඝාතනය : ප‍්‍රබල දේශපාලනඥයකුගෙන්, පොලිස් ලොක්කෙකුගෙන් ප්‍රශ්න කරන්න යයි…

Shiran Viraj