mediahumanrights.lk
NewsPolitical

පක්‍ෂ එක්ක සන්ධාන ගහන්නෑ.. ස්වාධීන කණ්ඩායම් එක් කර බලය පිහිටුවනවා..- ටිල්වින්

මෙවර පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වූ ආයතවලදී ස්වාධීනව තරගකර ජයග්‍රහණය කල පිරිස් එක්කරගනිමින් සභා පිහිටුවීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේය.

“ජාතික ජන බලවේගය විශාල ආයතන සංඛ්‍යාවක බහුතර බලය ලබාගන්න සමත්වෙලා තිබෙනවා. සමහරතැන්වල ගැටලුවක් තියෙනවා. අපි පක්ෂයක් ලෙස වැඩි ඡන්ද දිනා ගත්තට, අනෙකුත් පක්ෂ එකතුවෙලා සමහර තැන්වල ජාතික ජනබලවේගයට වඩා මන්ත්‍රී සංඛ්‍යාව වැඩි තැන් ටිකක් තියෙනවා. එතකොට තනි පක්ෂයක් ලෙස මාලිමාව විශාල ජයක් ලබාගත්තට පස්සේ, එකට ඡන්දේ ඉල්ලන්න බැරුව වෙන වෙනම ඡන්දේ ඉල්ලපු කුඩා පක්ෂ ඔක්කොම තමන්ගේ ප්‍රතිඵල එකතුකරලා කිව්වොත් අපි තමයි වැඩි කියලා අපි හිතන්නේ ඒක යථාර්තය නෙමෙයි, සාධාරණත්වය නෙමෙයි.

හැබැයි මේ එක දෙක තුන හමුබවුණ ඕකොම එකතුකරලා එක ගොඩක් හදාගෙන ඒකෙන් සභා පිහිටුවනවා කිව්වොත් එහෙම ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. නීතියෙන් බධාවක් නැති වුණාට ඒවා ජනතාව විසින් ප්‍රතික්ෂේප වුණ කණ්ඩායම්. ගණිතමය ලෙස තමයි මේ අපි දිනුව කියලා පෙන්වන්න හදන්නේ.

ඒ නිසා මේක ඉතා පැහැදිලිවම දේශපාලනය පැත්තෙන් ගත්තොත් මේ මැතිවරණය ජගගෙන තියෙන්නේ මාලිමාව. ඒ නිසා අපි අනිවාර්යෙන්ම මේ සියලුම ආයතනවල, අපි ජයගත් හැම ආයතනයකම සභාව පිහිටුවලා අපි රටේ කරගෙන යන සංවර්ධනය ව්‍යාපෘති අපට කරන්න පුළුවන්කම තියෙනවා

ජනතාව ප්‍රතික්ෂේප කරපු පක්ෂ එක්ක අපි එකතුවෙලා හවුල් ගහලා අපි සභා පිහිටුන්නේ නැහැ. ඒ අයට අත් අපි දන්නේ නැහැ එහෙම පුළුවන්ද කියලා. සමහර තැන්වල අපි දන්නවා ඔය ස්වාධීනව ඉල්ලපු බොහෝ අය ඉන්නවා. එවැනි අය උදව්වකරන්න ඉදිරිපත් වෙනවානම් අපි කැමති ඒ අයත් එක්ක වැඩකරගෙන යන්න”

Related posts

මැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති.. ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..

Shiran Viraj

දූෂණය කරපු කට්ටඩියාට අමතක නොවන පාඩමක් ඉගැන්වූ තරුණියක් – Video

Shiran Viraj

මම අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරඹනවා

Shiran Viraj
Translate »