mediahumanrights.lk
Local NewsNewsPolitical

අලියගෙන් ඉල්ලුව කියල අමුතු ඡන්දයක් ලැබුන්නෑ.. මං කී විදිහට කලානං මෙහෙම වෙන්නෑ..- රනිල්

තමා උපදෙස් දුන් ආකාරයට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පළාත් පාලන ආයතන පනහකට සීයකට පමණ තරඟ කළා නම් එම සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගණනක් ගන්නට ඉඩ තිබූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

විශේෂයෙන් කොළඹට පමණක්වත් එවැනි දෙයක් කරන්නට තිබු බව කී රනිල් වික්‍රමසිංහ මහතා තමා කී පරිදි විපක්ෂය එකතු නොවූ නිසා ජනතාව දෙපැත්තකට ටොකු ඇන්න බව පැවසීය.

කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අවුරුදු පහකට පසුව අප අලියා ලකුණ යටතේ තරඟ කළා.මෙය යම් ඇරැඹුමක් ලෙස සැලකිය හැකියි.සමහර ප්‍රදේශ වල අපේ ප්‍රතිඵල හොඳයි. සෑහීමකට පත්විය හැකියි.දැන් අලුතින් එක්සත් ජාතික පක්ෂය වැඩ කළ යුතුව තිබෙනවා. දැන් විපක්ෂය එකතු වී ජනතාවට යම් වැඩපිළිවෙළක් හඳුන්වා දිය යුතුයි.

මා මැතිවරණ ප්‍රචාරක වැඩවලට සහභාගී වූයේත් නැහැ. තරුණ නායකයන්ට මෙය කරගෙන යන්න බාර දුන්නා. මෙය යම් පරීක්ෂණයක්.හොඳ තැන් මෙන්ම අසාර්ථක තැන්ද තිබෙනවා.අප දැනට තිබෙන ශක්තියෙන් ඉදිරියට යන්නේ කෙසේදැයි සිතිය යුතුයි.

අලියා ලකුණින් ඉදිරිපත් වූ විට ජනතාව ඡන්දය දෙන්නට එන බව සමහරුන් කිව්වා.අලියාගෙන් ඉදිරිපත් වූවා කියා පමණක් ඡන්දය දාන්නට එන්නේ නැති බව දැන් පෙනෙන්නට තිබෙනවා. දැන් පක්ෂයේ අලුත් අය හඳුන්වා දිය යුතුයි. මේ පක්ෂය ගොඩනැගිය යුත්තේ අවුරුදු පනහේ- හතළිහේ අයයි.මෙතනින් පසු තරුණ පරපුර වගකීම් බාරගෙන ඉදිරියට යා යුතුයි. සජබෙටත් ගියපාර ලැබුන ඡන්ද ලැබුණේ නැහැ.

– Lankadeepa

Related posts

අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව රැස්වෙයි – ආණ්ඩුවට කොළ එළි දල්වා රතු එළි පෙන්වයි

Shiran Viraj

ඡන්දෙන් පස්සේ පළමු වරට කැබිනට්ටුව රැස්වෙයි (UPDATE)

Shiran Viraj

ඒකාබද්ධය එජාපය සමඟ කිසිම ගනුදෙනුවක් නෑ

Shiran Viraj
Translate »