mediahumanrights.lk
News Political

ඇමරිකාව තව දුරටත් ලංකාවට විවෘත නෑ.. දැන් වහාම ETCA අත්සන් කරන්නැයි කියයි…

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු හේතුවෙන් එරට වෙළඳපොල තවදුරටත් ශ‍්‍රී ලංකාවට විවෘත නොවනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව පවතින තත්ත්වයට විසඳුමක් ලෙස ඉන්දියාව සමඟම ‘ETCA’ ගිවිසුම අත්සන් තැබීම කළ යුතු බවද හෙතෙම කියා සිටී.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපති පවසා ඇත්තේ තමන් ජනාධිපති ධුරය දරද්දී අදහස වී තිබුණේ 2025 වසරේදී එම ගිවිසුම අත්සන් තැබීම බවයි.

දැන්ද ශ‍්‍රී ලංකාව ඉන්දියාව සමග ETCA ගිවිසුමට යා යුතු බව තම අදහස බවද හෙතෙම කියා සිටියි.

‘එට්කා ගිවිසුම අත්සන් කළ යුතුයි. මගේ අදහස වී තිබුණේ 2025 වසරේ දී එය අත්සන් තැබිය යුතු බවයිග දැන් අපි එය සමඟ ඉදියට යා යුතු බවයි.

අපි එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය කෙරෙහි විශ්වාසය තබා හිටියා. නමුත් එක්සත් ජනපදයේ වෙළද ප්‍රතිපත්තිය කවරාකාරද කියා දැන් ඔබට පේනවා. තවදුරටත් එය වෙළද පොලක් ලෙස විවෘත නොවනු ඇති.

යුරෝපා සංගමය සමඟ තිබෙන ගනුදෙනුවට කුමක් වේදැයි අපට කිව නොහැක.

ඉතින්ල පළමුව අපි මේ වසර තුළ එට්කා අත්සන් කළ යුතුයි.

දැනට අප සතුව ඇති දේ අත් නොහැර අළුත් කලාප වෙත අපි ප්‍රවේශ විය යුතුයි. එහිදී ඇගළුම් පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සදහා තවත් නිෂ්පාදන අවශ්‍යය’

Related posts

ප‍්‍රබල අමාත්‍යවරයෙක් අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වේ.. බඩු අස්කරන්නැයි කාර්ය මණ්ඩලයටත් කියයි…

Shiran Viraj

ඉන්දියාවට එරෙහි තරගයේ ක්‍රීඩකයන්ගේ කැපවීම මැතිව්ස් අගය කරයි

Shiran Viraj

බ්‍රහස්පතිට වඩා 13 ගුණයක් විශාල ග්‍රහ ලෝකයක් සොයා ගනී – ග්‍රහලොව අසළ හඳුනා නොගත් තවත් ග්‍රහවස්තුවක්

Shiran Viraj