mediahumanrights.lk
Local NewsNews

අද කොළඹ විරෝධතාවන්ට වාරණ නියෝගයක්…

අද දින විරෝධතාකරුවන් පිරිසක් කොටුව පොලිස් වසමේ කොටුව දුම්රිය ස්ථානයේ සිට සෙරමික් හන්දිය දක්වාද, සෙරමික් හන්දියේ සිට NSA වටරවුම දක්වාද NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත, ගාලුමුවදොර වටරවුම දක්වා ගාලු පාර අවහිර වන ආකාරයට විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත අපරාධ නඩුවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමට අනුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පහත සදහන් වග උත්තරකරුවන් වන,

1. දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්)
2. පුබුදු ජයගොඩ (පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්)
3. මධුෂාන් චන්ද්‍රජිත් (අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු )
4. පූජ්‍ය මැදිරිගිරියේ ඉස්සර ධම්ම හිමි( අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු)
5. පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ( අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු)
6. මොහොමඩ් රිෆාන් ( විවෘත විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු කැඳවුම්කරු)
ඇතුළු ඔවුන්ගේ සාමාජිකයින් හා සහභාගි වන වෙනත් තැනැත්තන් වෙත,

2025.04.05 වන අද දින පෙරවරු 09.00 සිට පස්වරු 06.00 දක්වා වූ කාලයේදී කොටුව පොලිස් වසමේ කොටුව දුම්රිය ස්ථානයේ සිට සෙරමික් හන්දිය දක්වාද, සෙරමික් හන්දියේ සිට NSA වටරවුම දක්වාද, NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවතගාලුමුවදොර වටරවුම දක්වා ගාලු පාර අවහිර නොකරන ලෙසත් මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට ඇතුළු වීම වලකින ලෙසත් පොදු හා පුද්ගලික දේපල වලට හානි නොකරන ලෙසටත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව ආඥාවක් නිකුත් කර ඇත.

මෙම ආඥාව කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 185 වන වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇති බවට ද අධිකරණ ආඥාවේ සඳහන් කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය.

Related posts

නිපුණතා ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවෙන් අලුත් ඉල්ලුමක්

Shiran Viraj

ඥාතින් භාර නොගත් කොවිඩ් ආසාදිත මළ සිරුරූ රජයේ වියදමින් ආදාහනය කරයි

Shiran Viraj

ඉලෙක්ට්‍රික් කාර් දෙන්න මරුටි සුසුකි සුදානම් – මිළ ගණන් මෙන්න (PHOTOS)

Shiran Viraj
Translate »