mediahumanrights.lk
NewsPolitical

ඇමරිකාවෙන් ආනයනික තීරු බද්ද බින්දුව කර අර්බුදයෙන් ගැලවෙන්නැයි කියයි..

ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙරටට අානයනය කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට බිංදුවක් දක්වා අඩු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා  මෙසේ  අදහස් පල කරන ලදී.

ඇමරිකාව සමග පවතින වෙලදාම සම්බන්ධයෙන් ගැටලුවක් ඇවිත් තිබෙනවා,මෙතෙක් කාලයක් අපි ගැටලුවක් තිබුනේ නෑ. ඒ සම්බන්ධයෙන් ඇමරිකාවට ස්තූතියිවන්ත වෙනවා.නමුත් දැන් ඩොලන්ඩ් ට්‍රම්ප් ප්‍රතිගෝලීකරණයට තල්ලු වී තිබෙනවා.

ඇමරිකාව සහ අපි අතර අපනයනය සහ ආනයනය අතර පරතරය වැඩි උනා.අපි ඇමරිකා භාණ්ඩ ගෙන්වනකොට ඇමරිකාවෙන්ම ගේන්න ඕන නෑ. වෙනත් රටවල් හරහා ගෙන්වන්න පුලුවන්.

මේ වෙලාවේ කල යුතු හොදම දේ අපි ඇමරිකාව එක්ක සාකච්චා කල යුතුයි.අපි ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සදහා තීරු බදු 0% කල යුතුයි.එහෙම අපි නිර්මාණශීලී විය යුතුයි.

මේක වෙන්න කලින් මම මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවේදී ඇහුවා.එතකොට අනිල් ජයන්ත කිව්වේ මාස දෙකකින් උත්තර දෙන්නම් කියලයි.දැන් අපි නිර්මාණශීලී විය යුතුයි.හොදම දේ ඇමරිකානු භාණ්ඩ වලට 0% ක් කිරීමයි.

අපි විශාල බඩු ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කරනව.මේ ආකාරයටයි සිංගප්පූරුව ජපානය දියුණු උනේ.

ඉස්සරහ ලෝකයටම ගැහුවේ එක බද්ධක්.දැන් ඒක වෙනස් කර තිබෙනවා.
එක එක රටවලට එක එක බදු ප්‍රමාණයන් අය කරනවා.ඒ නිසා දැන් අපි නිර්මාණශීලී වියයුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම අපි කියන්නේ මේ ණය ගෙවන්න පුලුවන් වන්නේ අපනයනය හරහායි. හැම එකමටම පිලිතුර IMF එකම නෙවෙයි.

ඉන්දියාවෙ අගමැති තුමා ආවා, ඒ ගැන අපි සතුටු වෙනවා, නමුත් මෝදි ඇවිත් පන්ති පහ ඉගෙන ගත්තාද නැත්නම් එහේ දේවල් අපේ ආණ්ඩුවට ඉගැන්වුවාද කියලා ගැටලුවක් තිබෙනවා. කෙසේ හෝ ඉන්දියාව එක්ක සමීපව වැඩ කරන්න ඕන

දැන් අදානිගේ ප්‍රශ්නය යට ගහන්න හොද නෑ.නමුත් මේ රටේ බලශක්තිය ගැන හිතන්න ඕන. මොනවා කිව්වත් අදානි ගේ ක්‍රමය තුල පවර් ලයින් එකක් ගේන්න හදනවා.

අපි අලුතින් හිතන්න ඕන.මේ රජයේ නිලධාරීන්ට පමණක් ආර්ථිකය හසුරවන්න නොදිය යුතුයි.

ඩිජිටයිල්ශේෂන් ගැන ගැටලුවක් තිබෙනවා, අපේ රටට සයිබර් ආරක්ෂණ ක්‍රමවේද අවශ්‍යයි.සයිබර් සිකුරිටි එක ගැන මේ ආණ්ඩුව හිතන්න ඕන

එදා හැමදේටම විරුද්ධ වෙච්ච අය අද ආණ්ඩු කරනවා.දැන් මේ දේවල් ඉදිරියට ගෙන යන එක හොදයි.ඉන්දියාව ලෝකයේ විශාලම ආර්ථිකයක් ඇතිවෙන රටක්.ඒ නිසා ඉන්දියාව සමග ගනුදෙනු කිරීම හොදයි.මගේ අදහස ඉන්දියාව සමග ගනුදෙනු කිරීම නිසා ලංකාවට හොදක් වෙනවා කියන එකයි.

එදා සාම්පූර් වලට විරුද්ධ වෙච්චායම මෝදි ගෙන්වා මේ දේවල් කිරීම ගැන අපි සතුටු වෙනවා,

දැන් දූෂණයත් නෑ පෙලපාලිත් නෑ දැන් රටට ආයෝජන ගෙන්වන්න පුලුවන්.මේ රටේ නිෂ්පාදනය ඇතිකර අපි අපනයන ආර්ථිකයක් ඇති කල යුතුයි

Related posts

රජය සතු ඌන උපයෝජිත වතු ඉඩම් ආයෝජකයන් වෙත බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Shiran Viraj

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ මිල පාලනයට නව නියාමන ආයතනයක් පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

Shiran Viraj

ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලි බලාගාර විදුලි උත්පාදනය උපරිමයෙන්..

Shiran Viraj
Translate »