mediahumanrights.lk
Business Business News News Political

සහල් ආනයන කරනවා.. කිලෝවට 65ක බද්දක් ගහනවා.. ඒ ගොවියා රකින්නයි…

මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය බිඳ වැටීමත් සමඟ සහල් ආනයනය කිරීමට සිදුවන බව වෙළඳ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

මෙවර මහ කන්නයේදී වී අලෙවි මණ්ඩලය සහ සතොස ඒකාබද්ධව වී මිලදී ගන්නා ලද බවත් පැවසූ ඔහු සතොම විසින් වී මෙට‍්‍රික් ටොන් 4300ක් පමණ මිලට ගෙන ඇති බවද කියා සිටියේය.

කෙසේ නමුත් සහල් ආනයනයේදී කිලෝවක් සඳහා රුපියල් 65 ක් වන ආනයනික බද්ධ තවදුරටත් එසේ පවත්වාගෙන යන බවද පැවසූ ඔහු ඒ ගොවියන්ගේ ගොවීන්ගේ ආරක්ෂාව සහ අනවශ්‍ය තරම් සහ තොග මෙරටට පැමිණීම වැළැක්වීමට බවද කියා සිටියේය.

සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ලෝකයට නව නැගිටීමක් අවශ්‍යයි – ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ

Shiran Viraj

කොරෝනාවෙන් මෙරට දැවැන්ත සමාගම් හාන්සියි.. ජෝන් කීල්ස්, බ්‍රැන්ඩික්ස්, ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් වැටුප් කප්පාදු කරයි..

Shiran Viraj

තුන්වන T20 තරගය අද -දික්වැල්ල වෙනුවට ලක්ෂාන්

Shiran Viraj