mediahumanrights.lk
NewsPolitical

ඇමරිකාව තව දුරටත් ලංකාවට විවෘත නෑ.. දැන් වහාම ETCA අත්සන් කරන්නැයි කියයි…

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු හේතුවෙන් එරට වෙළඳපොල තවදුරටත් ශ‍්‍රී ලංකාවට විවෘත නොවනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව පවතින තත්ත්වයට විසඳුමක් ලෙස ඉන්දියාව සමඟම ‘ETCA’ ගිවිසුම අත්සන් තැබීම කළ යුතු බවද හෙතෙම කියා සිටී.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපති පවසා ඇත්තේ තමන් ජනාධිපති ධුරය දරද්දී අදහස වී තිබුණේ 2025 වසරේදී එම ගිවිසුම අත්සන් තැබීම බවයි.

දැන්ද ශ‍්‍රී ලංකාව ඉන්දියාව සමග ETCA ගිවිසුමට යා යුතු බව තම අදහස බවද හෙතෙම කියා සිටියි.

‘එට්කා ගිවිසුම අත්සන් කළ යුතුයි. මගේ අදහස වී තිබුණේ 2025 වසරේ දී එය අත්සන් තැබිය යුතු බවයිග දැන් අපි එය සමඟ ඉදියට යා යුතු බවයි.

අපි එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය කෙරෙහි විශ්වාසය තබා හිටියා. නමුත් එක්සත් ජනපදයේ වෙළද ප්‍රතිපත්තිය කවරාකාරද කියා දැන් ඔබට පේනවා. තවදුරටත් එය වෙළද පොලක් ලෙස විවෘත නොවනු ඇති.

යුරෝපා සංගමය සමඟ තිබෙන ගනුදෙනුවට කුමක් වේදැයි අපට කිව නොහැක.

ඉතින්ල පළමුව අපි මේ වසර තුළ එට්කා අත්සන් කළ යුතුයි.

දැනට අප සතුව ඇති දේ අත් නොහැර අළුත් කලාප වෙත අපි ප්‍රවේශ විය යුතුයි. එහිදී ඇගළුම් පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සදහා තවත් නිෂ්පාදන අවශ්‍යය’

Related posts

වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් ගණන ඉහළට

Shiran Viraj

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලට මන්ත්‍රිනී දීප්ති වාසලගේගෙන් දැඩි විරෝධයක්

Shiran Viraj

වූහාන් නගරයේ සංචාරක තහනම ඉවතට

Shiran Viraj
Translate »