mediahumanrights.lk
Local News News

සිසුවෙකුට පහර දුන්නේ යයි විදුහල්පති රිමාන්ඩ්…

පොලොන්නරුව ප‍්‍රදේශයේ පාසලක සිසුවෙකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකලේ යයි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු අධිකරණය විසින් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

තමන්ට පාසල් වේලාවේදී පහරදී වද හිංසා කලේ යයි 17 හැවිරිදි මෙම සිසුවා විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබින.

පොලිස් පරීක්‍ෂණවලදී හෙලිව ඇත්තේ කොණ්ඩය කපා නොමැති බව හා කළු පැහැති මේස් පැළඳ පාසලට පැමිණි බවට චෝදනා කරමින් විදුහල්පතිවරයා මෙම පහරදීම සිදුකර ඇති බවය.

Related posts

තීරණාත්මක සාකච්ඡාවකට සයිටම් සභාපති ජනපති හමුවෙයි

Shiran Viraj

විමල්ලාගේ විසදුම් වැඩක් නෑ.. හොරා කෑ සල්ලි රටට දී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්විය යුතුයි..

Shiran Viraj

රට ඉදිරියේ පියා හෙළාදකිමින් සිදුකළ ලෙලුම්ගේ කතාව ඔහු විසින්ම බොරු කළ හැටි

Shiran Viraj