2026-01-12
mediahumanrights.lk
Local NewsNews

‘Clean Sri lanka’ පාසල් හමුදාවට බාර දෙයි..

රජය විසින් ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව ඉකුත් 20 වැනිදා සිට දිවයින පුරා පිහිටි පාසල් 1000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් යුද්ධ හමුදාවේ දායකත්වය ඇතිව ආරම්භ කළේය.

ඒ අනුව මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වය හා තාක්‍ෂණික සහය ලබාදුන් අතර, දිවයින පුරා පිහිටි පාසල් 87ක පිරිසිදු කිරිමේ හා අලුත් වැඩියා කිරීමේ කටයුතු අවසන් කර ඇත.

මෙම වැඩසටහන මගින් පාසල් වල විනාශවී තිබු මායිම් වැටවල් අලුත්වැඩියා කිරීම, ගොඩනැගිලි වල වහල පිලිසකර කිරීම, ඩෙස් පුටු අලුත්වැඩියා කිරීම, හා අනෙකුත් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරයි. ඒ සඳහා පාසල් ගුරුවරුන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දෙමාපියන්ගේ සහායද යුද්ධ හමුදාව වෙත ලබා දෙන ලදී .

Related posts

රතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්

Shiran Viraj

තරුණ සේවා සභාව දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ රජයට චෝදනා කරයි

Shiran Viraj

අයවැය අදයි..මුදල් අමාත්‍යංශයේ පෙර අදහස් දැක්වීම මෙන්න

Shiran Viraj
Translate »