mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

පිරවුම්හල් රැසක ඉන්ධන අවසන්.. දිගු පෝලිම්…

රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී තිබේ.

ඒ ඊයේ පස්වරුවේ සිට ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙනි.

ඉන්ධන බෙදුම් හරුවන් වෙත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දී ඇති නව ගෙවීම් සූත‍්‍රයට ඔවුන් විරෝධය පල කර ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන බෙදීමෙන් ඉවත් වී ඇත.

මෙම තත්ත්වය මත ඊයේ පස්වරුවේ සිට වාහන සඳහා ඉන්ධන ලබැගැනීමට දිගු පෝලිම් නිර්මාණය වී ඇති අතර වැඩි පිරිසක් ඉන්ධන උපරිම ප්‍රමාණයක් ලබා ගැනීමට කටයුතු කර තිබිණි.

මෙම තත්ත්වය මත ඇති වූ අධික ඉල්ලුමෙන් ඉන්ධන පිරවුම් හල් රැසක ඉන්ධන තොග අවසන් වී ඇත.

කෙසේ වෙතත් සෙසු සමාගම්වල පිරවුම්හල් ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කරයි.

තෙල් සංස්ථාවේද සමහර බෙදුම්කරුන් සිය ඉන්ධන අලෙවිය සාමාන්‍ය පරිදි සිදු කරගෙන යනු ලබයි.

Related posts

රටම නවතී… රට පුරා දැවැන්ත හර්තාලයක්…

Shiran Viraj

ශ්‍රී ලාංකිකයන් සහිත නැව මුදා ගන්න කණ්ඩායම් 04 ක් මෙහෙයුම් අරඹයි

Shiran Viraj

සුපිරි අධිවේග මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

Shiran Viraj
Translate »