mediahumanrights.lk
Local News News

ඇමති ලේකම් කෙනෙක් කොළඹ හතේ වරාය අධිකාරියේ සුපිරි නිවසක නීති විරෝධීය පදිංචි වෙලා..

වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු යැයි කියන පුද්ගලයෙකු ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ හතේ පිහිටි පළමු ශ්‍රේණියේ නිවසක නීති විරෝධීව පදිංචිව සිටින්නේ යැයි වරාය වෘත්තිය සමිති චෝදනා කරති.

වරාය අධිකාරියේ ඉහළම පෙලේ නිලධාරීන්ට පමණක් ලබාදිය හැකි මෙම නිවස හදිසි කටයුත්තක් ලෙස දක්වමින් පෞද්ගලික ලේකම්වරයාට වෙන්කර ලබා දී ඇති බවද චෝදනා එල්ල වෙයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයේදීද මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වූ නමුත් මේ වන විටත් එකී පුද්ගලයා එහි පදිංචිව සිටින්නේ යයි වෘත්තිය සමිති නියෝජිතයන් කියා සිටිති.

විෂය භාර අමාත්‍යවරයා එම නිල නිවසේ මේ වන විට නොමැති නිසා අදාළ පුද්ගලයාට එහි රැඳී සිටීමට කිසිදු අයිතියක් නැති බවත් පෙන්වන වෘත්තිය සමිති නායකයන් වරාය අධිකාරියේ නිවාස කමිටුවේ අනුමැතියත නොමැතිව එම පුද්ගලයාට එම නිවස ලබා දී ඇති  බවද  චෝදනා කරති.

Related posts

අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක කොරෝනා රෝගීන් වැස්සෙන් දැඩි පීඩා.. නොතෙමෙන තැන්වලට එක් වෙති..

Shiran Viraj

ගල්කිස්ස අධිකරණ බිමේ පාතාල වෙඩි තැබීමේ සූදානමක් නූලෙන් වැළකේ

Shiran Viraj

පලාත් සංචරණ සීමා අද සිටයි… දිස්ත‍්‍රික් සංචරණ සීමාත් සූදානම්.. ජනපති නිවේදනයේ දිනය නැති හේතුව මෙන්න..

Shiran Viraj