mediahumanrights.lk
Local NewsNews

කාන්තාවන්ට ජාතික සතියක්…

මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත් කොට ඇත.

“ තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක් ” යන්න මෙවර කාන්තා දින ජාතික තේමාවයි. මාර්තු 02 වන දා සිට 08 වන දා දක්වා යොදා ඇති මෙම කාන්තා සතිය තුළ කාන්තාව නිරෝගීමත් කිරීම, දැනුවත් කිරීම, සුරක්ෂිත කිරීම, සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ තාක්ෂණ කුසළතා වර්ධනය කිරීම වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මකයි.

කාන්තා ව්‍යවසායිකාවන් දිරීමත් කිරීම සහ ඔවුනට වෙළදපොළක් නිර්මාණය කිරීම වෙනුවෙන් මාර්තු 05 සහ 06 යන දෙදින පුරා ” ලිය ශක්ති” කාන්තා පොළ කොළඹ විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සම්පාදනය කොට ඇති අතර, මෙවර කාන්තා දින සැමරුම් උළෙල කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය සරෝජා සාවිත‍්‍රි පෝබ්‍රාජ් මහත්මිය සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ සංකල්පය පරිදි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, “සුහුරුපාය ” ශ්‍රවණාගාරයෙදී පැවැත්වීමට නියමිතයි.

Related posts

යුරෝපය තුල කොරෝනා ව්‍යාප්තිය ඉහලට : බ්‍රිතාන්‍යයේ මිලියන 09ක ජනතාවකට දැඩි නීති පැනවෙයි

Shiran Viraj

පොල්පිටිය වැව අසලදී කැබ් රථයක් 'ලිස්සා ගොස්' දොළොස් දෙනෙකු අනතුරට ලක්වූ හැටි

Shiran Viraj

මං ජනාධිපති වීම ෂුවර්.. රනිල් සමග එක් වෙන්නේම නෑ..- සජිත්

Shiran Viraj
Translate »