23.9 C
Colombo
2026-02-17
mediahumanrights.lk
Local NewsNews

අලි හා දුම්රිය ඒකාබද්ද කාලසටහනකට… අලුත් දුම්රිය කාලහටහන මෙන්න..

රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර එහි මූලික පියවරක් ලෙස වන අලින් බහුල ලෙස සැරි සැරීම පිලිබදව වාර්තා වී ඇති ප්‍රදේශයන්හිදී දුම්රිය ධාවන වේගය අවම වන ලෙස එම කලාප සදහා අඩු වෙග සීමාවක් ලබාදී දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට සහ අදාළ ප්‍රදේශයන්හි වන අලින් සැරිසරන කාලසීමවන්හි දුම්රිය ධාවනය අවම වන ලෙස එම ප්‍රදේශයන් හරහා දුම්රිය ගමන් කිරීමේදී වන අලින් වැඩි වශයෙන් සැරිසරන කාලසීමාවන්ට පෙර සහ එම කාල සීමාවන්ට පසුව දුම්රිය ධාවනය කිරීම සදහා දුම්රිය ආරම්භක වෙලාව සංශෝධනය කිරීමට මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ඒ අනුව මඩකලපුව මාර්ගයේ පලුගස් වැව සිට හිඟුරක්ගොඩ දක්වා සහ වැලිකන්ද සිට පූනානි දක්වා ද ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය හන්දිය සිට කන්තලේ දක්වා ප්‍රදේශය ආවරණය වන පරිදි මෙම දුම්රිය කාලසටහන් සංශෝධනය සිදුකර ඇති අතර එය 2025 මාර්තු 07 දින සිට ක්‍රියාත්මක කිරීම සදහා සැලසුම් කර ඇත.

තව ද මීට සමගාමීව එදින සිට කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන ” මීනගයා” නගරාන්තර රාත්‍රී තැපැල් දුම්රිය සදහා s-13 වර්ගයේ බලවේග කට්ටලයක් ධාවනයට යෙදවීම සදහා ද සැලසුම් කර ඇත.

2025.03.07 දින සිට ඉදිරි දිනයන් සදහා කලින් ආසන වෙන් කිරීම් සිදුකරන ලද මගීන් හට නියමිතපරිදි කල්වේලා ඇතිව අදාළ දුම්රියන් සදහා පැමිණීමට කටයුතු කරන ලෙස දැනුම් දෙන අතර ලෙස දුම්රිය ආරම්භක වේලාවන් සංශෝධනය කිරීම සහ ඉහත පරිදි වේග සීමා පැනවීම හේතුවෙන් ගමනාන්ත දුම්රිය ස්ථාන වෙත ලගා වීමෙදී අමතර කාලයක් ගත කිරීමට සිදුවීම සම්බන්ධයෙන් මගී ජනතාව වෙත දුම්රිය දෙපාර්තමේන්තුවේ කණගාටුව පළකර සිටින අතර වන අලින් සුරැකීම ජාතික වගකීමක් ලෙස සලකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

Related posts

'එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ නව ව්‍යාපාර 225ක්

Shiran Viraj

අත්යන්ත්‍ර සහ බතික් රෙදි ආනයනය තහනම්.. සියල්ල දේශීයව නිපදවයි..- ජනපති තීන්දු කරයි..

Shiran Viraj

බඳවාගැනීම් සිදුකළේ පුරප්පාඩු පිරවීමට පමණයි – ශ්‍රී ලංකන්

Shiran Viraj
Translate »