27.2 C
Colombo
2025-12-17
mediahumanrights.lk
BusinessBusiness NewsNews

සෝලා විදුලි ඒකකයක් රුපියල් 16ට අඩු කරන්න යයි..

සෝලා විදුලි ඒකකයක් රුපියල් 16ට අඩු කිරීමට යන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

සමගි ජන බලවේගය පක්ෂ කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

“පහුගිය ඉරිදා ලංකාව පුරා විදුලිය බිඳවැටුණු විට ඇමැති කිව්වා වඳුරෙක් පානදුර ග්‍රිඩ් එකට පැනපු නිසා උනා කියලා. 88-89 කාලේ මෙගා වොට් 33000 transformers පුච්චලාත්, කොටි ත්‍රස්තවාදින් ගහලාත් මුලු ලංකාවෙම කරන්ට් එක නැති උනේ නෑ. හවස් වෙද්දි ඇමැති කියනවා පහුගිය ආණ්ඩුවේ වැරදිලු මේවා. ඕව කියල තමයි ආණ්ඩුව ගත්තේ. දැන් ඉතින් වැඩ පෙන්නන්න.

සුනිල් හඳුන් නෙත්ති කිව්වා මීට කලින් ලයිට් කපනවා නම් කපන්නේ මාෆියා එකක් නිසා බවත්,නොරොච්චෝලේ කැඩෙනවා නම් කලින් දැන ගත හැකි බවත් පැවසෙන විඩියෝ පටයක් පෙන්වූ ඔහු පවසන්නේ සුනිල් හඳුන්නෙත්තිට අනුව මේ දිනවල මේ කරන්ට් කපන්නේ මාෆියාවක් නිසා”

සූර්ය පැනල වලින් නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි බව විදුලි බල මණ්ඩලය පවසන බවත්, අවුරුදු දහයක් ඇතුළත ගෙවල් මිලියනයකින් මෙගාවොට් 1000 ක් බලාපොරොත්තු වූ අතර දැන් මේ වන වනවිට මෙගාවොට් 1200 ක් පමණ නිෂ්පාදනය වන බවත් මේ සැරසෙන්නේ සූර්ය පැන්නලවලින් එන බලශක්තියට ගෙවන ගාන අඩු කිරීමට බවද ඔහු පැවසීය.

ඩොලරය 180 වන විට සෝලා පවර් එකට රුපියල් 22ක් ද, ඩොලරය 350 වන විට රුපියල් 37ක්ද, ඩොලරය 300 ට අඩු වූ විට රුපියල් 27 දක්වා ගෙවූ ගණන අඩු වූ බවත් දැන් එය රුපියල් 16ට අඩු කිරීමට යන බවත් හෙතෙම පෙන්වා දෙයි

Related posts

බිරිඳ ඝාතනය කළ ලාංකිකයකුට කැනඩාවෙන් ලැබුනු දඬුවම

Shiran Viraj

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ දැඩි සත්කාර ඒකකයේ

Shiran Viraj

සිම්බාබ්වෙන් ලැබූ දරුණු පරාජයෙන් පසු සංගා වෙනත් භාෂාවකින් කියපු අමුතු කතාවේ තේරුම මෙන්න

Shiran Viraj
Translate »