mediahumanrights.lk
Local NewsNews

අශෝක රන්වල තුට්ටු දෙකේ දුරාචාරියෙක්.. රැල්ලට ලැබුණු මන්ත්‍රිකම අතහැර ගෙදර යනු..- සුදා

කතානායක ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක රන්වල මහතා තමන්ට ආචාර්ය උපාධියක් ඇතැයි පවසා මාලිමා රැල්ලට පාර්ලිමේන්තුවට පැමිණි අයකු බව රංගන ශිල්පී සුදත්ත තිලකසිරි මහතා පවසයි.

ඔහු විසින් පවත්වාගෙන යන අන්තර්ජාල නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් හෙතෙම පවසන්නේ තමනට නොමැති ආචාර්ය උපාධියක් ඇතැයි රටට පැවසීම දුරාචාරි වැඩක් බවයි.

ආචාර්ය උපාධිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුට්ටු දෙකේ වැඩක් යැයි පවසන රන්වල තුට්ටු දෙකේ මිනිහෙකු බවත් එවැන්නන් මාලිමාවට වැඩක් නැති බවත් හෙතෙම අවධාරණය කරයි.

අශෝක රන්වල මාලිමාවට සැබවින්ම ආදරය කරන්නේ නම් මන්ත්‍රී ධුරය ලැයිස්තුවේ ඊළඟ අපේක්ෂකයාට ලබා දී ගෙදර යා යුතු බව ද හෙතෙම තව දුරටත් කියා සිටී.

එසේ නැත්නම් තමන්ට ආචාර්ය උපාධියක් නොමැති බව පාර්ලිමේන්තුවේ පවසා ප්‍රසිද්ධියේ සමාවගත යුතු බවත් නැත්නම් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන තුරු සටන නතර නොකරන බවවත් ඔහු දැඩිව කියා සිටී.

Related posts

සමන් පෙරේරා ඝාතනයට රතන හිමිට චෝදනා.. පක්‍ෂයේ ප‍්‍රධාන හිමි මාධ්‍ය හමුවක..

Shiran Viraj

සවුදි යුව රජු ට්‍රම්ප් හමුවෙයි – මුස්ලිම් සංහිඳියාවකට එයි

Shiran Viraj

අඩු වැටුප් නිසා විගණන කාර්යාලයට නිලධාරීන් හිඟයක්

Shiran Viraj
Translate »