mediahumanrights.lk
Local NewsNews

විදුලිය විසන්දි කල වදුරා ගැන ආයෙ අහන්න එපා.. ඒක ඉවරයිනෙ..- නලින්ද

වඳුරෙක් නිසා රටටම විදුලිය විසන්දි වීමේ සිදුවීම සම්බන්ධයෙන් යළි ප්‍රශ්න නොඅසන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලා සිටියේය.

පසුගිය දා සිදුවූ විදුලි විසන්දීම සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කළ විමසීමකදී ඔහු මේ බව පැවසුවේය.

‘විදුලිබඳ පද්ධතියේ ඇති වී තිබෙන අසමතුලිතතාවය සම්බන්ධයෙන් මණ්ඩලය සැලකිය යුතු මැදිහත්වීමක් කරමින් ඉන්නෙ මේකට ස්ථාවර පිළිතුරක් සොයා ගැනීම සඳහා.

වඳුරගෙ සිද්ධිය ඉවරයිනේ. වඳුර ගැන නිතර නිතර මතක් කරන්න එපා මෙතන.

පද්ධතිය අස්ථාවරත්වයට උත්තරයක් හොයමින් ඉන්නේ අපි ඒකට පිළිතුරක් ලබා දෙනවා’

Related posts

පාර්ලිමේන්තු වටරවුම අවට වාහන තදබදයක්

Shiran Viraj

දිවුලපිටිය ගින්නට හේතුව විදුලි කාන්දුවක් ද ?

Shiran Viraj

විපක්ෂයම එකතු වෙලා ජනාධිපතිට යවපු ලියුම මෙන්න

Shiran Viraj
Translate »