mediahumanrights.lk
Local News News

සියළු යුද හමුදා සෙබළුන්ගේ පාස්පෝට් හමුදාව භාරයට ගනී…

යුද හමුදා මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදේශ ගමන් බලපත්‍ර රෙජිමේන්තු මධ්‍යස්ථාන භාරයේ තබා ගන්නැයි නියෝග කර ඇත.

රෙජිමේන්තු මධ්‍යස්ථානවල මධ්‍යස්ථාන අණදෙන නිලධාරීන් භාරයේ මෙම විදේශ ගමන් බලපත්‍ර සුරක්ෂිතව තැබිය යුතුය.

ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය මත ඕනෑම වෙලාවක නැවත එම විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සෙබළුන්ට හැකිය.

යුද හමුදා සෙබළුන්ගේ සාමසාධක රාජකාරි සහ විදේශ පුහුණු සඳහා වන කටයුතු කඩිනම් කිරීමේ වැඩපිළිවෙල මත මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බව යුද හමුදාව පවසයි.

Related posts

යුද හමුදා කැබ් රියේ ගැටී ‍පොලිස් සැරයන්ව‍රයෙක් ජීවිතක්ෂයට

Shiran Viraj

දියේ ගිලීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ කාන්තාවක් මරුට

Shiran Viraj

රුපියල අද ලොකු පල්ලමකට.. ඩොලරයක් 330ට කිට්ටුවේ…

Shiran Viraj