mediahumanrights.lk
NewsPolitical

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගැන යලි පරීක්‍ෂණ කරනවා.. යලි අධි චෝදනා ගොනු කරනවා..- හරිනි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව අවශ්‍ය නම් රජය නැවත අධිචෝදනා ගොනු කරන බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.

අවශ්‍ය නම් රජය නව පරීක්ෂණයක් ආරම්භ කිරීම පිළිබඳව ද සලකා බලන බවත් අද පාර්ලිමේන්තුවේදී ඇය පැවසුවාය.

විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඇය මේ බව පැවසීය.

“ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වෙන්න ඕන. ඒ්ක තමයි අපේ ස්ථාවරය. ඉදිරියටත් එහෙමයි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය මතුකර ඇති කරුණු සහ ඇයගේ වේදනාව අපට හොඳින් තේරෙනවා. යුක්තිය සාධාරණය ඉටු කරන බවට අප ඇයට සහතිකයක් දෙනවා.නීතියේ නිසි ක්‍රියාදාමය අනුව කටයුතු කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ අයට යුක්තිය ඉටු වෙන්න ඕන. ඒක තමයි රජයේ මතය”

Related posts

කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක රූමත් නලඟනන් දෙදෙනෙක් ව්‍යාපාරිකයෙකු රවටයි

Shiran Viraj

අද සිට අළුයම් අහසේ උල්කා වර්ෂාවක්

Shiran Viraj

රටේ සියළුම පුද්ගලයන්ට කොරෝනා පරීක්‍ෂණ කිරීමට රජය තීරණය කරයි..

Shiran Viraj
Translate »