mediahumanrights.lk
Local NewsNews

මැර පිරිසක් ලංගම බසයට පැන රියදුරුට, කොන්දොස්තරට ගුටි අනි..

නුවරඑලිය සිට හැටන් දක්වා ධාවනය වු නුවරඑලිය ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට බස් රථය නතර කර පහර දුන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනිමට නියමිත බව නුවරඑලිය කොට්ඨාශ භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතා පැවසිය.

ඉකුත් (17) දින පස්වරුවේ නුවරඑලිය ඩෙස්පොඩ් හරහා හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථය නානුඔය ඩෙස්පොඩ් ප්‍රදේශයේදි සැකකරුවන් පිරිස බස් රථය නතර කර බස් රථය තුලට පිවිස රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහර දි තුවාල සිදු කර සැකකරුවන් පලා යන අයුරු බස් රථයේ ගමන් කල මගියෙකු විසින් ජංගම දුරකථනයෙන් විඩියෝගත කර එම දර්ශන නානුඔය පොලිසිය වෙත භාර දි ඇත.

පහර කැමෙන් තුවාල ලැබු බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, පහර දිමෙන් කොන්දොස්තරවරයා සතුව තිබු ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමේ යන්ත්‍රය සැකකරුවන් බිද දමා ඇති බවයි නුවරඑලිය ලංගම ඩිපෝවේ නිලධාරියෙකු කියා සිටියේ.

නුවරඑලිය බස් නැවතුම්පොලේදි පහරදිමට සම්බන්ධ එක් සැකකරුවෙක් බස් රථයේ පාපුවරුවේ ගමන් කිරිමට උත්සහ කල බවත්, එම අවස්තාවේ බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා එයට විරුද්ධ වු නිසා සැකකරු විසින් රියදුරුට සහ කොන්දොස්තරවරයාට බැන වැද පසුව දුරකථනයෙන් කිසියම් පුද්ගලයෙකුට ඇමතුමක් ලබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් පවසා ඇත.

බස් රථයේ ගමන් ගත් ප්‍රධාන සැකකරු බස් රථය නතර කිරිමෙන් පසු රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහර දුන් බවත්, පවත්නා තත්ත්වය මත රාත්‍රි කාලයේ නානුඔය ඩෙස්පොඩ් ප්‍රදේශයේ නතර කර තිබෙන තම ඩිපෝවට අයත් බස් රථ කිසිවක් ආරක්ෂාව උදෙසා ගාල් නොකරන බවයි නුවරඑලිය ලංගම ඩිපෝවේ නිලධාරියෙකු වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

ජීවිතාන්ත හා මරණ දඬුවම් විදින සිරකරුවන්ට පොදු සමාවක්.. ලයිස්තුව සකසා යවයි..

Shiran Viraj

බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනා

Shiran Viraj

චීන භාණ්ඩ මත 145%ක් තීරු බදු ඇමරිකාව පනවයි..

Shiran Viraj
Translate »