28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Uncategorized

දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රායයි..

වරප්‍රසාද සහ අනුග්‍රහන මත යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මහජන චීන සමූහාණ්ඩුවේ පුර්ණ ප්‍රදානයක් ලෙස නවීකරණය කරන ලද අභියාචනාධිකරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අද (18) පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

රටක අධිකරණ පද්ධතිය තුළ සහ ජනතාවට යුක්තිය පසිඳලීම සඳහා පහසුකම් වෙනුවෙන් කරන ආයෝජනය රට කෙරෙහි, එහි ජනතාව කෙරෙහි ඇති කැපවීම පිළිබිඹු කිරීමක්.

මෙය හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් නෙමෙයි, යුක්තිය පසිඳලීම, නීතියේ සාධාරණත්වය, සමානාත්මතාවය සහ අභිමානය පෙන්නුම් කරන සංඛේතයක්.

වරප්‍රසාද සහ අනුග්‍රාහක ක්‍රම යටතේ බොහෝ දෙනෙකුට යුක්තිය ප්‍රතික්ෂේප වීම නිසා අපේ රට දශක ගණනාවක් දුක් වින්දා, අපගේ අභිප්‍රාය වන්නේ එම වැරදි නිවැරදි කිරීම, අතීතයේ සිදු වූ අසාධාරණයන් නිවැරදි කිරීම සහ සෑම කෙනෙකුටම යුක්තිය සඳහා ඉඩප්‍රස්ථාව ඇති බව සහතික කිරීමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විනිසුරුවරුවරුන්ට ලබා දී ඇති නීතිමය බලය සාධාරණව සිදු කිරීමත්, අදාළ පාර්ශව වලට ස්වාධිනව සහ සාධාරණ විනිශ්චයක් ලබා දීමත් තුලින් ජනතාව තුල අධිකරණ පද්ධතිය ගැන විශ්වාසයක් ඇති විය යුතුයි.

කාන්තාවන්, දරුවන්, ආබාධිත ප්‍රජාව ඇතුළු සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ සාධාරණයයි.එහිදී කිසිවකුට දුෂ්කරතා ඇති නොවන බව සහතික කිරීම. මානසික තත්වයන් පිළිබඳ අවධානය ලබා දීම, ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමේදී හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී මුහුණ දිය හැකි ප්‍රතිවිපාකවලින් ආරක්ෂාව සැපයීම ජනතාව බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රියාවලියේ සියලුම ක්‍රියාකාරීන්ට ගෞරවාන්විතව සැලකීම අවශ්‍යයි. යුක්තියේ සාධාරණය වෙනුවෙන් වසර ගණනාවක් දුෂ්කරතාවන්ට මුහුණ දෙන පිරිස් සිටිනවා. ඔවුන්ගේ සාධාරණය වෙනුවෙන් ඔවුන්ට ලැබෙන සැලකීම අපි සහතික කරනවා. යුක්තියේ සාධාරණය හඹා යාමේදී ඇතිවන බිය ගැන්වීමක් හෝ පීඩාවක් හෝ හිරිහැරයක් ඔවුන්ට සිදු නොවිය යුතුයි.

මහජන චීන සමූහාණ්ඩුවේ ඔවුන්ගේ ත්‍යාගශීලීභාවය සහ මේ රටේ ජනතාවට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ඔවුන් දැක්වූ සහයෝගයට ස්තූති පුද කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට චීන මහජන සමූහාණ්ඩුවේ මෙරට තානාපති Qi Zhenhong, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Media unit

Related posts

මෙරට සියළුම ෆැක්ටරි වැසී යයි..?

Shiran Viraj

එංගලන්තයට පැරදී ඕස්ට්‍රේලියාව එලියට දමා ලංකාව ගෙදර එයි..

Shiran Viraj

Fall’s biggest fitness trend would make rocky proud

Shiran Viraj
Translate »