30.6 C
Colombo
2026-08-05
mediahumanrights.lk
NewsPolitical

ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 61ක් අපට වැඩියි.. ඉන්දියාවත් එක්ක පිරිපහදුවක් දාලා ලෝකෙට තෙල් සපයනවා..- ජනපති..

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදා හැරීමට වැඩි බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

කොලොන්නාව, මුතුරාජවෙල ප‍්‍රදේශවල තෙල් ටැංකි සංකීර්ණ ඇති බවත් ඉන්දීය තෙල් සංස්ථාවේද තෙල් ගබඩා ඇති බවත් පැවසු ඔහු ත්‍රිකුණාමල ප්‍රදේශයට මෙතරම් තෙල් ටැංකි ප්‍රමාණයක් අවශ්‍ය නොවන බවත් සඳහන් කරයි.

ත්‍රිකුණාමලයේ එසේ වැඩි වන තෙල් ටැංකි 61 ඉන්දීය සමාගමක් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව තෙල් ස්පිරිපහදුවක් ඉදිකිරීමට සාකච්ඡා සිදුකරමින් ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එහි තෙල් පිරිපහදුවක් ඉදිකර තෙල් ටැංකුවල ගබඩා කිරීමෙන් අනතුරුව ලෝක වෙළඳපොලට තෙල් සපයන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුව ඇති බවද ඒ මහතා කියා සිටී.

කළුතර ප්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ  කරන  ලදී.

Related posts

අලුත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට අද පාර්ලිමෙන්තුවේදි සිදුවන විශේෂ දේ මෙන්න..!

Shiran Viraj

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) තීරණය කර තිබේ. 

Shiran Viraj

යාපනයේ පාතාල කල්ලි 17 ක්‌ අල්ලන්න පොලිස්‌ මෙහෙයුම්

Shiran Viraj
Translate »