2026-09-25
mediahumanrights.lk
Local NewsNews

සේවක කප්පාදුවක්… පලාත් සභාවලින් 25%ක්.. ඇතැම් ආයතනවලින් 80%ක්..

ඉදිරි පස් වසරේ දී පළාත් සභා කාර්ය මණ්ඩලයන්හි සේවක සංඛ්‍යාවෙන් සියයට විසි පහත් තිහත් අතර ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කරනු ලැබ ඇත.

මෙලෙස අඩු කෙරෙන්නේ ද්විතීයික හා ප්‍රාථමික මට්ටම්වල සේවකයන් වන අතර ඇතැම් පළාත්වල එම සේවක ප්‍රතිශතය සියයට හැත්තෑ පහත් සියයට අසූවත් අතර ප්‍රතිශතයක් ගන්නා බව අනාවරණය වී තිබේ.

මීට අදාළ මූලික ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කරනු ලැබ ඇත. පළාත් සභාවල සියලු අමාත්‍යාංශ, කාර්යාල, දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන ඇතුළු සියලු අධිකාරීන් මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී සිය කාර්ය මණ්ඩල අඩු කිරීමට අදාළ යෝජනා අතුළත් වාර්තාවක් සකස් කළ යුතුය. මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ වැඩසටහන් සබරගමුව පළාත් සභාව ආරම්භ කර ඇත. ඒ සඳහා සම්පත් දායකයන් යොදා ගැනෙන බව එම පළාත් සභා ආරංචි මාර්ග කීවේය.

කාර්ය මණ්ඩල අඩු කිරීමට අදාළ යෝජනා සකස් කිරීමට හා ක්‍රියාවට නැංවීම වෙනුවෙන් පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් කාර්ය සාධක බලකායක් පිහිටුවෙන අතර නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පුහුණු), පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් හා ආණ්ඩුකාර ලේකම් එම කාරක සභාවේ සාමාජිකයෝ වෙති. අවශ්‍ය නම් වෙනත් නිලධාරීන් ද මෙම කාරක සභාවට පත් කර ගත හැකි බව ඊට අදාළව සකස් කර තිබෙන උපදෙස් මාලාවක සඳහන් වෙයි. ප්‍රතාව්‍යුහගතකරණ යෝජනාවලිය සැකසීම මෙන්ම එහි ප්‍රගතිය හා ඵලදායකත්වය වරින් වර විමර්ශනය කිරීම ද මෙම කාර්ය සාධක බලකායට පැවරී තිබේ.

අදියර හතරක් යටතේ මෙම ක්‍රියාවලිය සැකසේ. ආයතන සංවිධාන ප්‍රතිව්‍යුහකරණය, පවත්නා මිනිස් බල විශ්ලේෂණය, යෝජිත මිනිස් බල සැපයුම හා ප්‍රතිව්‍යුහකරණ උපාය මාර්ග තීරණය කිරීම හා ක්‍රියාවට නැංවීම වශයෙනි. මෙම අදියර යටතේ ඒ ඒ ආයතන අවධානයට ලක් කළ යුතු ක්ෂේත්‍රයන් ද ලබා දී තිබේ.

Related posts

ජ’පුර සහ ඔක්ස්ෆර්ඩ් සරසවි විද්‍යාඥයින් කොවිඩ් 19 වසංගතයට එන්නතක් සොයන්න එක්වෙයි

Shiran Viraj

මිනී මස් ආහාරයට ගත් සිව්දෙනෙක් අත්අඩංගුවට

Shiran Viraj

මහින්ද හා පවුලේ අය මාලදිවයිනට යාමට ආරක්‍ෂිත ක‍්‍රමයක් සාදමින්..- මාලදිවයින් මාධ්‍ය පාස්පෝට් සමගින් හෙලිදරවුවක…

Shiran Viraj
Translate »