mediahumanrights.lk
Local News News

විදුලිය වැදී නොරචෝලය තිදෙනෙක් මරුට..

නොරචෝලය පොලිස් වසමේ මාම්පුරිය ප්‍රදේශයේදී, විදුලි සැර වැදීමක් හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනෙකු පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බවට නොරචෝලය පොලිසියට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත.

මරණකරුවන් අවුරුදු 16, 22 හා 29 වයස්වල ‌පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මාම්පුරිය ප්‍රදේශයේ පිහිටි අලුතින් ඉදි කරමින් පවතින උත්සව ශාලා ගොඩනැගිල්ලක සේවකයන් පිරිසක් යකඩ පලංචියක් මත ඉදිකිරීම් කටයුතු කරමින් සිටියදී විදුලිය ලබා ගන්නා ලද විදුලි රැහැනකින් යකඩ පලංචියට විදුලිය කාන්දුවීමෙන් මෙම විදුලි සැර වැදී ඇති බවට පොලිසිය සිදුකළ විර්මශනයේදී අනාවරණය වී ඇත.

නොරචෝලය පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

Related posts

‘කතෝලික පල්ලිය එක්ක හැප්පෙන්න එපා.. අපි බලවත්..’ ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයට යන බව අගරදගුරු ලෝකය අමතා කියයි..

Shiran Viraj

බරපතල වංචා ගැන මහින්දගෙන් ප‍්‍රශ්න කරන්න අද කැදවයි..

Shiran Viraj

කෘෂිකර්මාන්තයට ණය යෝජනා ක්‍රමයක්

Shiran Viraj