2026-02-14
mediahumanrights.lk
NewsPolitical

බංකොලොත් ලේබලය අපේ ආණ්ඩුවෙන් ඉවත් කලා..- මාලිමා මන්ත‍්‍රී

විපක්ෂය බියවෙන තරමේ ජාත්‍යන්තර සබඳතා ප්‍රමාණයක් නව ආණ්ඩුව විසින් ඇතිකරගෙන තිබෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා සඳහන් කරයි.

කොටස් වෙළඳපොළද දිනෙන් වාර්තා තබමින් ඉහළට යමින් තිබෙන බවද හෙතෙම පවසයි.

බංකොලොත් කියන සන්නාමය තම රජය විසින් ඉවත් කිරීමට කටයුතු කරන ලද බවත් ඒ මහතා පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය වැඩසටහනේ ඊළඟ වාරිකයද නිදහස් කිරීමට ඒ අනුව එකඟ වී ඇති බවද හෙතෙම පැවසුවේය.

ලස්සන රටක් දක්වා ඉදිරියට යන වැඩපිළිවෙලක් තම ආණ්ඩුව සතු බවත් හෙතෙම මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

Related posts

මත්තල ගුවන් තොටුපළට සංචාරකයන්ට එන සහන පැකේජ…

Shiran Viraj

“113 සම්පූර්ණයි” සම්පූර්ණයි..එය රිගින් ටෝන් එකට වුවත් දමා ගන්නැයි ජනපති කියයි.. 2018-11-08 04:25:00 ★ 1864

Shiran Viraj

රවීගේ විශ්වාසභංගය සැළකිල්ලට ගන්න තවත් දින 08ක් යනවාලු

Shiran Viraj
Translate »