mediahumanrights.lk
Local News News

සීදූවේ පාතාලයෙන් වෙඩි වැලක්..

සීදූව පොලිස් වසමේ ලියනේගේමුල්ල ප්‍රදේශයේ නිවසකට කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් අති බවට සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කර ඇත.

වෙඩි තැබිමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී එක් පුතෙකු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 53 ක් වූ ලියනේගේමුල්ල, සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පලාගිය කාර් රථය කටුනායක ප්‍රදේශයේ දමා ගොස් තිබියදී හමු වී ඇති අතර එය ගිනි ගැනීමකට ලක්ව ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සීදූව පොලීසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.

Related posts

ගංඟාවල ජල මට්ටම් ඉහළ යමින් පවති – ජනතාවට අවධානයෙන් සිටින්නැයි දන්වයි

Shiran Viraj

95" තවමත් හිඟයි! රට තැන තැන තෙල් හිඟය තවමත්

Shiran Viraj

නව ව්‍යවස්ථාව සම්මත කිරීම අඩපන කරන්න කාටවත් බෑ – අගමැති

Shiran Viraj