mediahumanrights.lk
Local News News

යෝෂිත CID කැදවයි.. අයථා වත්කම් සොයයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඒ අනුව ඔහුට ජනවාරි මස තුන්වෙනි දින එහි පෙනී සිටින්නැයි දන්වා ඇත.

අයථා වත්කම් උපයා ගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශන සඳහා ඔහුගෙන් එහිදී ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂකයා වන නෙවිල් වන්නි අාරච්චිගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඊයේ දිනයේද පැය හතරක පමණ ප්‍රකාශය ලබා ගෙන ඇත්තේ ආයතා වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළවය.

Related posts

පැලවත්තේ ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන් විනාශයි-174 බස් පාරත් වැසෙයි

Shiran Viraj

ඉන්ධන, ගෑස්, පොහොර, ගල් අඟුරු අර්බුදයන් සියල්ලට නුදුරේදීම විසඳුම් සූදානම්…- විමල් හෙලි කරයි…

Shiran Viraj

සුලි කුණාටුව උතුරට කඩා වදී..නිවාස ගණනාවකට දැඩි හානි..අධික වර්ෂාවක්..

Shiran Viraj