mediahumanrights.lk
Business Business News News

පාලන මිලට සැමන් නෑ…

ඉකුත් සතියට සාපෙක්ෂව (29) දින වන විට දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව එලවළු සිල්ලර වෙලෙදුන් පවසයි.

රු 160 සිල්ලර මිලකට පැවති වට්ටක්කා කිලෝවක් රු 300-400 අතර මිලකටත්, අනෙකුත් සෑම වර්ගයේම එලවළු කිලෝවක්ම රු 500-800 අතර සිල්ලර මිලකට අලෙවි කරන බවයි වෙලෙදුන් කියා සිටියේ.

අමු මිරිස් කිලෝවක් රු 1400, නයි මිරිස් රු 1500, තක්කාලි රු 600-800 අතර මිලකට අලෙවි කරන බවයි වෙලෙදුන් කියා සිටියේ.

සෑම වසරකම නත්තල් සමය අවසන් විමෙන් පසු මෙසේ එලවළු මිල ඉහල යන බවත්, ලබන වසරේ මුල් සති කිහිපය තුල ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ලැබෙන නිසා එලවළු මිල අඩු වන බවයි එලවළු වෙලෙදුන් වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ටින් මාළු සදහා (29) දින සිට සිට රජය මගින් පාලන මිලක් නිකුත් කර සිටියද හැටන් නගරයේ වෙලදසැල් වල විවිධ බර ප්‍රමාණවලින් ටින් මාළු අලෙවි කිරිමට ප්‍රදර්ශනය කර තිබු නමුත් එම ටින් මාළු කිසිවක් පාලන මිලට අලෙවි කල නොහැකි බවයි සිල්ලර වෙලෙදුන් කියා සිටියේ.

Related posts

යාචකයින්ට මුදල් දෙන පුද්ගලයින්ට පොලීසියෙන් රතුඑළි

Shiran Viraj

ඊශ‍්‍රායලය සමග රාජතාන්ත‍්‍රික සබදතා අතහරින්නැයි හකීම් රජයෙන් ඉල්ලයි…

Shiran Viraj

අමාත්‍යංශ ලේකම්ලාත් අලුතින් පත් කරයි.. මුදල් ලේකම් නොසොල්වයි..

Shiran Viraj