mediahumanrights.lk
News Political

සමහර විට නිල නිවසක් උවමනා වෙයි..- මාලිමා මන්ත‍්‍රීනී

තමන් මීට පෙර ‍සක‍්‍රීය දේශපාලනයේ නිරතව නැති බවත් ප්‍රාදේශීය සභාවක්වත් නියෝජනය කර නැති බවත් ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය සඳහන් කරයි.

මෙවර පාර්ලිමේන්තුවට පිවිසීම ජනතාව වෙනුවෙන් ලැබූ විශාල ජයග්‍රහණයක් බවද ඇය කියා සිටින්නීය.

කිසි දිනක පාර්ලිමේන්තුවට පිවිසීමට තමන්ට බලාපොරොත්තුවක් නොතිබූ බවද පවසන ඇය මෙවර මහ මැතිවරණය සඳහා තමන්ට පෞද්ගලිකව වියදම් වූයේ රුපියල් ලක්ෂයක පමණ මුදලක් බවද කියා සිටී.

තම ආණ්ඩුවද ජනතාවට වැඩ නොකළොත් ජනතාව පෙර ආණ්ඩුවට වඩා ඉක්මනින් ගෙදර යවනු ඇති බවද ඇය පෙන්වා දෙයි.

දේශපාලනයේදී මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද අතරින් ඇතැම් විට නිල නිවසක් අවශ්‍ය වීමට හැකි බවද පවසන ඇය ඊට විශේෂ ඉල්ලීමක් කර නැති බවද කියා සිටියි.

හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවට එකමින් ඇය මෙම අදහස් පළ කර ඇත.

Related posts

මහින්ද-කරු තවත් හමුවක

Shiran Viraj

මංතීරු නීතිය පරීක්ෂා කරන්න ගුවන් හමුදාවේත් සහය – කඩ කරන්නන්ට අද සිට නීතිමය පියවර

Shiran Viraj

ඉන්දියාවෙන් උතුරට හොර පාරෙන් ආ අයෙකුට කොරෝනා ලක්ෂණ..

Shiran Viraj