mediahumanrights.lk
Local News News

සතොසත් සහල් අලෙවියට සීමා පනවයි…

රට තුළ පවතින සහල් හිගය හේතුවෙන් ලංකා සතොස ආයතනය විසින්ද සහල් නිකුත් කිරීමට සීමා පනවා තිබේ.

ඒ අනුව සතොස විසින් එක් පාරිභෝගිකයකු සඳහා නාඩු හා කැකුළු සහල් නිකුත් කරන්නේ කිලෝ දහයක් බැගින් පමණි.

මේ අතර ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයකද සහල් එක් වර්ගයකින් එක් පාරිභෝගිකයෙකුට නිකුත් කරනු ලබන්නේ සහල් කිලෝ තුන බැගින් පමණි.

කෙසේ වෙතත් පවතින සහල් හිගය සමනය කිරීමට සහල් ආනයනය කිරීමට රජය කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

Related posts

කටුනායක ගුවන් තොටුපළේ නීතිවිරෝධීව සංචාරය කිරීම් නැවැත්වීමේ ශ්‍රීලංකන් මෙහෙයුම් සාර්ථක වේ

Shiran Viraj

විදුලි ඒකකයක මිල වෙනස් වන ආකාරයට ගෙවීම් කළ හැකි ක්‍රමයක්

Shiran Viraj

ඊයේ දිනයේදී කොළඹින් කොරෝනා ආසාදිතයින් 237ක්

Shiran Viraj