mediahumanrights.lk
Local NewsNews

මාදිවෙල මන්ත‍්‍රී නිල නිවාස මාලිමා පිරේ.. දැනටම 60ක් පෝලිමේ..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්‍රීවරු අසූ දෙනෙකු පමණ අයදුම්පත් යොමු කර තිබේ.

ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් හැටකට ආසන්න පිරිසක් එම මන්ත්‍රී පිරිස් අතර වෙයි.

හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනෙකුද මාදිවල නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් නොවී තවමත් එහි රැඳී සිටින අතර ඔවුන්ට ඉක්මනින් ඉන් ඉවත් වන ලෙසද දැනුම් දී තිබේ.

නවක මන්ත්‍රීවරුන්ට එම නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීම එළඹෙන තුන්වෙනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ.

නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා එම නිවාස සංකීර්ණය මේ දිනවල අලූත් වැඩියා කටයුතු කරමින් සිටී.

මෙහි මන්ත‍්‍රීවරුන් එකසිය දහයකට පමණ නිල නිවාස සපයා දීමේ හැකියාවක් තිබේ.

Related posts

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ආණ්ඩුවක් ලැබූ දරුණුතම පරාජය අත්විඳී

Shiran Viraj

චීනය බුලට් දුම්රිය අත්හදා බලයි

Shiran Viraj

මිනුවන්ගොඩ කොරෝනා පොකුර : හුදෙකලා කළ ප්‍රදේශ වල ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්

Shiran Viraj