mediahumanrights.lk
Local NewsNews

IMF අදම වැඩ අල්ලයි..

දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා අද (18) ආරම්භ වන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාව පිළිබඳ තෙවන සමාලෝචන කටයුතු වෙනුවෙන් එම සාකච්ඡා පැවැත්වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් දිවයිනේ රැදී සිටින කාලය තුළ ජනාධිපතිවරයා ,මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් හමුවීමට නියමිතයි.

ලබන සිකුරාදා (22) වනවිට තෙවන සමාලෝචනයේ මූලික කටයුතු අවසන් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් කටයුතු කරනු ඇතිබව මුදල් අමාත්‍යාංශය පවසයි.

Related posts

කොටි නායකයාගේ උපන්දිනය සැමරීමට එරෙහිව වව්නියාව මණ්ඩපයේ සිසුන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් (PHOTOS)

Shiran Viraj

ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිළධාරින් කටයුතු කරන්නේ එකම ආකාරයටයි-ඇමති බන්දුල ගුණවර්ධන මහතා

Shiran Viraj

සමගිපුරේ පිරිසකුයි පොලිසියයි අතර ගැටුමක් – තත්ත්වය පාලනය කරන්න පොලිසිය වෙඩි තබයි

Shiran Viraj
Translate »