mediahumanrights.lk
Local NewsNews

ලේ, මුත‍්‍රා පරීක්‍ෂණාගාරයකට නඩු..

මාතලේ මහ රෝහල ආසන්නයේ පුද්ගලික රෝහලක රසායනාගාරයක් තුළ තිබි කල් ඉකුත් වූ පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරන උපකරණ සහ රසායන ද්‍රව්‍ය තොගයක් හමු වූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

කල් ඉකුත් වූ රසායන ‍ද්‍රව්‍ය කල් ඉකුත් නොවූ රසායන ද්‍රව්‍ය සමග ‍ භාවිතා කිරීම සම්බන්ධව වැටලීම සිදුකර තිබේ.

එහිදී කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය හා උපකරණ පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ.

ඒවා මාතලේ අධිකරණයට ඉදිරිපත් කර එම ආයතනයට විරුද්ධව නඩු පැවරීමට නියමිතයි.

රසායනාගාර වල භාවිත කරනු ලබන උපකරණ හා රසායන ද්‍රව්‍ය කල් ඉකුත්වීම සම්බන්ධව නිරන්තරව පරීක්ෂණ කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ආයතන වලට දැනුම් දෙයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදු කරනු ලබන වැටලීම් වලදී එවැනි ආයතන සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීම් තවදුරටත් සිදු කිරීමට සැලසුම් කර තිබේ.

Related posts

ජනාධිපති කියන දේ කරන නායකයෙක්.. ආණ්ඩුව ආරාධනා කලොත් සලකා බලනවා..- රවි

Shiran Viraj

සැරටම සැප ගනී.. දේශීය සංචාරකයන්ගෙන් නුවරඑලිය පිරේ… සියළු හෝටල් කාමර අවසන්…

Shiran Viraj

Oct 100 පෙට‍්‍රල් මෙරට අලෙවිය අරඹයි.. ලීටරයක් 793යි…

Shiran Viraj
Translate »