2025-12-11
mediahumanrights.lk
Local NewsNews

ගංගා 09ක් ගංවතුර මට්ටමේ…

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා 09ක් ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කැළනි ගඟ ,නිල්වලා ගඟ ,මහවැලි ගඟ ,යාන් ඔය,මා ඔය,මල්වත්ත ඔය,දැදුරු ඔය, මහ ඔය සහ අත්තනගලු ඔය ගංවතුර මට්ටමේ පවතියි.

කැලණි ගඟ ගැලනික්‍රොස් ප්‍රදේශයෙන් සහ හොලොම්බුව ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතියි.

නිල්වලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින අතර මහවැලි ගඟ මනම්පිටිය සහ පේරාදෙණිය ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතියි.

යාන් ඔය හොරොව්පතාන ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා තවදුරටත් ජල මට්ටම ඉහළ යමින් පවතියි.
මා ඔය යකා වැව ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා පවතියි.

මල්වතු ඔය තන්තිරිමලේ ප්‍රදේශයෙන් සහ දැදුරු ඔය මොරගස් වැව ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතියි.
අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතියි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බැවින් ගංගා ජලමට්ටම් තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි.

ඒ පිළිබඳව එම ගංගා ද්‍රෝණි ආශ්‍රිත ජනතාව තවදුරටත් දැඩි විමසිල්ලෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related posts

බස්නාහිර පළාතට නව පාසැල් බස් සේවයක්..

Shiran Viraj

සියළු රාජතාන්ත‍්‍රිකයන්ට කොරෝනා පරීක්‍ෂණ අනිවාර්ය කරයි.. නැතොත් ලංකාවට ඇතුළු වීමට අවසර නෑ…

Shiran Viraj

චීනය කොරෝනා මරණ සංඛ්‍යාව ගැන සැබෑ තතු සඟවන බවට තොරතුරු හෙළිවේ : මරණ ගණන 25000 ඉක්මවයි

Shiran Viraj
Translate »