mediahumanrights.lk
NewsPolitical

‘මං කල වැඩේ රනිල් දන්නවා..’ රනිල් කට වහං ඉන්න හේතුව රවි කියයි..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙවර හිමි වූ ජාතික ලයිස්ති මන්ත්‍රී ධුරයකින් තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ මුලින් ඇති කරගත් එකඟතාවය අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි.

ඒ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැන සිටි බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසීය.

ගිවිසුම සම්බන්ධයෙන් දන්නා නිසා රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව කතා නොකරන බවත් පවසන ඔහු දිගටම තමා පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය.

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත‍්‍රී ධුරයකට පත්වීම සුළු පිරිසක් අකමැති වුවද් 99%ක් කැමති බවද හෙතෙම කියා සිටියි.

තලතා අතුකෝරල මහත්මියට මෙම මන්ත්‍රී ධුරය ලබා දීමට ඇතැමුන් කථා කළත් ඇය පක්ෂය මාරු කළ තැනැත්තියක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

ගුවන් මගියෙක් ගුවන් තොටේ විස්කි බෝතල් පොලොවේ ගහයි…

Shiran Viraj

එළවළු මිල අහස උසට! කැරට් කිලෝවක් 500 දක්වා

Shiran Viraj

උපුල් තරංග තමාට සිදුවූ කැපිලි ගැන ක්‍රික් ඉන්ෆොට හෙළි කරයි

Shiran Viraj
Translate »