mediahumanrights.lk
Local News News

සියළු වතු කම්කරුවන්ට නිවාස අයිතිය ඔප්පුවකින්…

කඩා වැටි ඇති ආර්ථිකය ගොඩ ගැනිමට හැකි එකම ජනාධිපති අපෙක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නැගෙනහිර පළාත් භාර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පැවසිය.

සෙන්දිල් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය උදෙසා බගවන්තලාව ප්‍රදේශයේ තේ වතුවල වැඩ කරන වතු කම්කරුවන් (02) දින දැනුවත් කිරිමේ රැස්විමකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු සෙන්දිල් තොණ්ඩමන් මහතා කියා සිටියේ 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ආර්ථිකය ඉහල දැමිමට කටයුතු කරනු ඇතැයි විශ්වාසය මත ලංකා කම්කරු කොන්ග්‍රසය ඇතුළු මේ රටේ අති බහුතර ජනතාවක් ඔහුව ජනාධිපතිවරයා වශයෙන් පත් කල බවයි.

වසර දෙකකින් පසු රට ආර්ථිකය කඩා වැටිම නිසා රටේ අත්‍යවශ්‍ය සේවාවන් සදහා පොලිම් යුගයක් ඇති වු බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා එම අභියෝගයට මුහුණ නොදි රටින් පලා යාමත් සමග එම අභියෝගය රනිල් වික්‍රමසිංහ මහතා භාරගෙන පොලිම් යුගය අවසන් කර මේ වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසකම මිල අඩු කරමින් පවතින බවයි.

වතු කම්කරුවන්ගේ නිවාස අයිතිය හිමිකම් ඔප්පුවකින් ලබා දිමට ජනාධිපතිවරයා පොරොන්දු වි ඇති බවත්, ඒ අනුව වතු නිවාස පොකුරු ගම්මාන බවට පත් කර එහි පදිංචිකරුවන් සෑම දෙනෙකුටම හිමිකම් ඔප්පුවක් ලබාදිමට ජනාධිපතිවරයා එකගතාවය පල කර ඇති බවයි සෙන්දිල් තොණ්ඩමන් මහතා කියා සිටියේ.

තවත් ජනාධිපති අපෙක්ෂකයන් කිහිපදෙනෙකු විවිධ පොරොන්දු ලබාදෙන බවත්, එම පොරොන්දු කිසිවක් ඉටු කිරිමට නොහැකි පොරොන්දු බවයි සෙන්දිල් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

– Reporter

Related posts

ගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයි

Shiran Viraj

කියුබාවේ ඉන්ධන මිල 500%කින් ඉහල දමයි..

Shiran Viraj

ශරීරයට ඇල්පෙනෙත්ති තුඩක පමණවත් හානියක් නොකර අඩු වියදමකින් blocks තිබෙන හදවත් සුව කරන අලුත්ම ක්‍රමය

Shiran Viraj