mediahumanrights.lk
Local News News

වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන්නයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර වෘත්තීය සමිතියකට අදාළ දේපළක් වංචනිකව බදු දීමෙන් රුපියල් මිලියන 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධව කොළඹ වංචා විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලක් මත ගොනු කළ බී වාර්තාව සලකා බලමිනි.

ඒ අනුව මහින්ද ජයසිංහ, අමාලි කළුපහන යන සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

Related posts

මැතිවරණයට අදාළ නීති කෙටුම්පත් සකස් කර අවසන්

Shiran Viraj

මන් තාම සොයනවා ගීතය සමගින් කරලියට ආ මධුර ලාලක

Shiran Viraj

රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..

Shiran Viraj