mediahumanrights.lk
NewsPolitical

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි.. මාලිමා ආණ්ඩුව බුද්ධාගමේ ප‍්‍රමුඛතාව ඉවත් කරන්නේ නෑ…

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් හිමි ප‍්‍රමුඛතාව ඉවත් කරන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම පක්ෂ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගය යනු ආගම් ඇදහිමේ අයිතිය උපරිමයෙන්ම ආරක්ෂා කරන දේශපාලන ව්‍යාපාරය බවද හෙතෙම පවසයි.

‘මම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ උප සභාපති තවමත්. මම මේ වගකීම දරනවා. ඒ වගේම මන් හිටපු සංස්කෘතික ඇමැති. අපි ඒ වගකීම් ගැන හොඳට දන්නවා.

පක්ෂයක් විදිහට සාකච්ඡා කරනවා මේ රටේ ආගම ඇදහීමේ අයිතිය ගැන. ඒ නිදහස උපරිමයෙන්ම ආරක්ෂා කරන දේශපාලන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය.

අනිත් අය කරන්නේ ආගම තමන්ගේ දේශපාලනය සඳහා පටු වාසියට යොදා ගන්න එක. අපි කවදාවත් පටු වාසියට ආගම පාවිච්චි කරන්නේ නැහැ කියලා සහතිකයි’

Related posts

ඉන්ධන හිගයක් හදන කුමන්ත‍්‍රණයක් තිබෙනවා..

Shiran Viraj

වැසි වතුරට ආ කිඹුලෙක් වැසියෙකුට පහරදෙන්න යද්දි ගම්වාසීන් අල්ලාගනී

Shiran Viraj

ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට: රන් පවුමක් ලක්ෂ 3.5 පනී

Shiran Viraj
Translate »