2026-02-10
mediahumanrights.lk
NewsPolitical

රට ඉන්න අයට ඡන්දෙ දාන්න එන්න විදිහක් නෑ මෙහෙ පාස්පෝට්, වීසා ප‍්‍රශ්ණ නිසා..

ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට මෙරටට පැමිණීමට සැලසුම් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරට තුළ පවතින වීසා හා විදේශ ගමන් බලපත්‍ර අර්බුදය මත දුෂ්කරතාවයට මුහුණ පා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

විදේශගත ශ්‍රමිකයන් විශාල පිරිසක් මැතිවරණයට මෙරට පැමිණෙන අපේක්ෂාවෙන් සිටියද විදේශ ගමන් බලපත්‍ර කල් ඉකුත් වීම හා ඒවා අලුත් කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත් විසා ලබා ගැනීමේදීද දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බවත් හෙතෙම කියා සිටියේය.

ආණ්ඩුව ඇතැම් විට හිතාමතාම මෙම ප්‍රශ්නය උග්‍ර වීමට ඉඩදී ඇත්දැයි සැකයක් ඇතිවී තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාර හමුදාව සුදානම් වෙයි

Shiran Viraj

දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..

Shiran Viraj

'ජනප්‍රියත්වය වෙලාවට ලැබෙයි' – ශෂී නිර්මාණි

Shiran Viraj
Translate »