26 C
Colombo
2026-03-01
mediahumanrights.lk
Local NewsNews

කදුකර කොටියෙකු මන්ද කඩාගෙන විත් ගසක සිරවී මිය යයි..

මන්දකට හසු වි සිටි කදුකර කොටියා මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.

මස්කෙලිය පොලිස් වසමට අයත් මස්කෙලිය ලකම් වතුයායේ වතු නිවාස පේලියකට ආසන්නයේ කදුකර කොටියෙකු මන්දක් සමග අලිගැටපේර ගසක පාමුල සිර වි සිටින බව එම වතුයායේ වතු කම්කරුවන් විසින් (01) දින උදැසන 6 ට පමණ නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දි ඇත.

මන්දට හසු වි සිටි කදුකර කොටියා නිර්වින්දනය කර මුදා ගැනිමට අවශ්‍ය විම හේතුවෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් ඒ පිලිබදව රණ්දෙණිගල වනජිවි පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා වෙත දැනුම් දුන් විට පශු වෛද්‍යවරයා අනුරාධපුර ප්‍රදේශයේ සේවා කටයුත්තක් සදහා ගොස් අනුරාධපුර සිට මස්කෙලිය ලකම් වතුයාය දක්වා පැමිණෙමින් සිටියදි මන්දට හසු වි සිටි කදුකර කොටියා මියගොස් ඇත.

හොදින් වැඩුණු කදුකර කොටියා මන්දෙන් බේරිම උත්සහ කිරිම නිසා සහ දිර්ඝ කාලයක් මන්දට හසු වි සිටිම හේතුවෙන් සිදු වු බරපතල තුවාල නිසා මිය යන්නට ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.

තේ වතුවල සේවය කරන වතු කම්කරුවන් නිවාස වල සුරතලේට ඇති කරන සුනඛයින් දඩයම් කිරිම සදහා රාත්‍රි කාලයේ පැමිණි කදුකර කොටියා මන්දට හසු වි එම කඩාගෙනවිත් අලිගැටපේර ගසෙහි පාමුල සිරවෙන්නට ඇති බවයි වනජිවි නිලධාරින් සැකකරයි.

මේ අයුරින් මදු වලට හසු වන කදුකර කොටියන් මුදා ගැනිම සදහා වනජිවි පශු වෛද්‍යවරයෙකු සමග පශු වෛද්‍ය රෝහලක් නුවරඑලිය හෝ ගම්පොල ප්‍රදේශයේ ස්ථාපනය කිරිමට වනජිවි නිලධාරින් කාලයක් තිස්සේ සැලසුම් කලද එම රෝහල මෙතෙක් ස්ථාපනය කිරිමට නොහැකි විම නිසා මෙවැනි කදුකර කොටියන් ජිවිතක්ෂයට පත් වන බවයි පරිසරවේදින් කියා සිටින්නේ.

මියගිය කදුකර කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල වනජිවි පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.

මන්ද ඇටවු දඩයම්කරු අත්අඩංගුවට ගැනිමට මස්කෙලිය පොලිසිය සහ නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

– Reporter

Related posts

කොරෝනා වැඩිවුනොත් ලංකාව යලි රතු කලාපයට… සංචාරකයන් නැවති ඩොලර්ද නවතී…

Shiran Viraj

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 200 ඉක්මවයි

Shiran Viraj

‘ආපදාව ගැන දැනගෙන සඟවා ගත්තේ විපක්ෂයයි’ – නඩු දැමිය යුත්තේ ආණ්ඩුවට නොව විපක්ෂයටයි! – නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ

Shiran Viraj
Translate »